1 ලේකම් 21:10 - Sinhala New Revised Version 2018 “නුඹ ගොස්, මෙය කියන්න, ‘මම කාරණා තුනක් නුඹ ඉදිරියේ තබමි. මා විසින් නුඹට කරනු ලබනු පිණිස එයින් එකක් තෝරාගන්නැ’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා දාවිත්ට කියන්නැ”යි වදාළ සේක. Sinhala New Revised Version “නුඹ ගොස්, මෙය කියන්න, ‘මම කාරණා තුනක් නුඹ ඉදිරියේ තබමි. මා විසින් නුඹට කරනු ලබනු පිණිස එයින් එකක් තෝරාගන්නැ’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා දාවිත්ට කියන්නැ”යි වදාළ සේක. Sinhala Revised Old Version නුඹ ගොස්–මම කාරණා තුනක් නුඹ ඉදිරියේ තබමි; මා විසින් නුඹට කරන පිණිස එයින් එකක් තෝරාගන්නැයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා දාවිත්ට කියන්නැයි කීසේක. |
පියෙකු සිය ප්‍රියාදර පුතු හට යම් සේ දඬුවම් කරන්නේ ද, එසේ ම සමිඳාණෝ සිය පෙම්වතුන්ට දඬුවම් දෙන සේක.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි මගේ ශුද්ධ බල මහිමය පිළිගන්නා තරමට නුඹලා මා කෙරෙහි විශ්වාසය නොතැබූ බැවින්, මා මේ සෙනඟට දීමට පොරොන්දු වූ දේශයට නුඹලා ඔවුන් ගෙන නොයන්නහු ය”යි වදාළ සේක.
සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ සතුටු නැත් නම්, ඔබ වැඳුම්පිදුම් කරන්නට කැමැති කවරෙකුට ද කියා අදම තීරණය කරගන්න. ගඟින් එගොඩ සිටි ඔබේ පියවරුන් වැඳුම්පිදුම් කළ දෙවිවරුන්ට හෝ ඔබ වාසය කරන දේශයේ සිටින අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට හෝ වැඳුම්පිදුම් කරන්නට තීරණය කරගන්න. එහෙත් අපි, එනම්, මාගේ පවුල ද, මම ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු.”
මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.