තවද, ඔහු එප්‍රායිම්ගේ දරුවන් තුන් වන පරම්පරාව දක්වා දිටී ය. මනස්සේගේ පුත්, මාකීර්ගේ දරුවෝ ද ජෝසෙප් විසින් සිය පවුලට බාරගන්නා ලදහ.
1 ලේකම් 2:23 - Sinhala New Revised Version 2018 ගෙෂූර්වරු ද සිරියන්වරු ද ජායිර්හි නගර සහ කෙනත් ද ඊට අයිති ගම් ඇතුළු ව නගර සැටක් ද ඔවුන්ගෙන් අල්ලාගත්තෝ ය. මේ සියල්ලෝ ගිලියද්ගේ පිය වූ මාකීර්ගේ පුත්‍රයෝ ය. Sinhala New Revised Version ගෙෂූර්වරු ද සිරියන්වරු ද ජායිර්හි නගර සහ කෙනත් ද ඊට අයිති ගම් ඇතුළු ව නගර සැටක් ද ඔවුන්ගෙන් අල්ලාගත්තෝ ය. මේ සියල්ලෝ ගිලියද්ගේ පිය වූ මාකීර්ගේ පුත්‍රයෝ ය. Sinhala Revised Old Version ගෙෂූර්වරුද සිරියවරුද යායිර්හි නුවරවල් සහ කෙනාත්ද ඊට අයිති ගම් වන නුවරවල් සැටක්ද ඔවුන්ගෙන් අල්ලාගත්තෝය. මේ සියල්ලෝ ගිලියද්ගේ පියවූ මාකීර්ගේ පුත්‍රයෝය. |
තවද, ඔහු එප්‍රායිම්ගේ දරුවන් තුන් වන පරම්පරාව දක්වා දිටී ය. මනස්සේගේ පුත්, මාකීර්ගේ දරුවෝ ද ජෝසෙප් විසින් සිය පවුලට බාරගන්නා ලදහ.
රාමොත්-ගිලියද්හි සිටි බෙන්-ගෙබර් ය; ගිලියද්හි සිටි මනස්සේගේ පුත් ජායීර්ගේ නගර ද පවුරු ද ලෝකඩ අගුල් ද ඇති මහා නගර හැටක් සහිත බාෂාන් නම් පෙදෙසෙහි අර්ගොබ් පළාත ඔහුට පැවරිණි.
හෙශ්රොන් කාලෙබ්එප්‍රාතාහි දී මියගිය පසු හෙශ්රොන්ගේ භාර්යාව වූ අබියා තෙකෝවා වැසියන්ගේ මුල් පියා වන අෂ්හූර් ලැබුවා ය.
මනස්සේගේ පුත් ජයිර් නමැත්තා, ගෙෂුර්වරුන්ගේ ද මාකාත්වරුන්ගේ ද සීමා දක්වා සම්පූර්ණ අර්ගොබ් පළාත, එනම්, බාෂාන් පළාත අල්ලාගෙන, ඊට තමාගේ ම නම දෙමින් හව්වොත්-ජායිර් කියා නම් තැබී ය. අද දක්වා ඒ නම පවතී.
එසේ වී නමුත්, ඉශ්රායෙල් සෙනඟ ගෙෂුර්වරුන් ද මයකාත්වරුන් ද පන්නා නොදැමුවෝ ය. ගෙෂුර්වරු ද මයකාත්වරු ද අද දක්වා ඉශ්රායෙල්වරුන් අතරෙහි වාසය කරති.
ඔවුන්ගේ පළාත නම්, මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජ වූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන ජායිර්ගේ සියලු නගර එනම්, නගර හැටකුත් ය.