දාවිත්, ආරොන්ගේ පුත්‍රයන් ද ලෙවීවරුන් ද රැස් කෙළේ ය.
දාවිත් ආරොන්ගේ පුත්‍රයන්ද ලෙවීවරුන්ද රැස්කෙළේය.
මුළු ඉශ්රායෙල් සභාවට කතා කොට, “ඔබ හැමට මා කියන දේ හොඳ ය කියා පෙනේ නම්, අපේ දෙවි සමිඳාණන් වහන්සේත් ඊට කැමැති වන සේක් නම්, මුළු ඉශ්රායෙල් දේශයෙහි ඉතිරි ව සිටින අපේ සහෝදරයන්ට ද ඔවුන් සමඟ තමන්ගේ ගම් බිම් සහිත නගරවල සිටින පූජකයන්ට ද ලෙවීවරුන්ට ද අප ළඟට රැස්වන්න කියා සෑම දිශාවලට දන්වා යවා,
එසේ රැස් කරන ලද ගණන නම්, කොහාත්ගේ පුත්‍රයන්ගේ ප්‍රධානියා වූ උරියෙල් සහ ඔහුගේ සහෝදරයෝ එකසිය විසිදෙනෙක් ය.
සීනයි පාළුකරයේ දී නාදාබ් සහ අබීහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට ඔව්හු මළහ. ඔවුන්ට දරුවෝ ද නො වූ හ. එබැවින් එලෙයාසර් සහ ඊතාමාර්, තම පියා වන ආරොන්ගේ ජීවිත කාලයේ දී පූජක නිලයේ සේවා ඉටු කළහ.