ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 15:17 - Sinhala New Revised Version 2018

මෙසේ ලෙවීවරු ජෝවෙල්ගේ පුත් හේමන් ද ඔහුගේ සහෝදරයන්ගෙන් බෙරෙකියාගේ පුත් ආසාප් ද තමන්ගේ සහෝදරයන් වූ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් කුෂායාගේ පුත් ඒතාන් ද

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ ලෙවීවරු ජෝවෙල්ගේ පුත් හේමන් ද ඔහුගේ සහෝදරයන්ගෙන් බෙරෙකියාගේ පුත් ආසාප් ද තමන්ගේ සහෝදරයන් වූ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් කුෂායාගේ පුත් ඒතාන් ද

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙසේ ලෙවීවරු යෝවෙල්ගේ පුත්‍රවූ හේමාන්ද ඔහුගේ සහෝදරයන්ගෙන් බෙරකියාගේ පුත්‍රවූ ආසාප්ද තමුන්ගේ සහෝදරයන්වූ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් කුෂායාගේ පුත්‍රවූ ඒතාන්ද;

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 15:17
15 හුවමාරු යොමු  

ඔවුන් සමඟ දොරටු පාලකයන් කොට තමන්ගේ බාල සහෝදරයන් වන ශෙකරියා ද බෙන් ද ජයසීයෙල් ද ෂෙමිරාමොත් ද ජෙයීයෙල් ද උන්නී ද එලියාබ් ද බෙනායා ද මයසේයා ද මත්තිතියා ද එලීපෙලේහු ද මික්නේයා ද ඕබෙද්-ඒදොම් ද ජෙයීයෙල් ද පත් කළෝ ය.


හේමාන් ද ආසාප් ද ඒතාන් ද යන ගායනාකාරයෝ ලෝකඩ අත්තල්වලින් ශබ්ද කිරීමටත්,


ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද නම් කියා තෝරාගනු ලැබූ අනික් අය ද, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය” කියමින් උන් වහන්සේට ස්තුති කිරීමට නියම කෙළේ ය.


ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද පත් කෙළේ, දෙවියන් වහන්සේට ගී ගයමින් නළාවලිනුත්, අත්තල්වලිනුත්, තූර්ය භාණ්ඩවලිනුත් ශබ්ද කිරීමට ය. තවද, දාවිත් රජ ජෙදුතුන්ගේ පුත්‍රයන් දොරටු පාලකයන් කොට පත් කෙළේ ය.


කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය.


ඔහුගේ පුත්‍රයා තහත් ය; ඔහුගේ පුත්‍රයා උරියෙල් ය; ඔහුගේ පුත්‍රයා උශ්ශියා ය; ඔහුගේ පුත්‍රයා ෂාවුල් ය.


මෙරාරීගේ පුත්‍රයා නම්: මාලී ය, ඔහුගේ පුත්‍රයා ලිබ්නි ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයි ය;


එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොවුහු ය: කොහාත් පරපුරෙන් ගායනාකාර හේමන් ය. ඔහු ජෝවෙල්ගේ පුත්‍රයා ය; ඔහු සාමුවෙල්ගේ පුත්‍රයා ය;


ඔහුට දකුණෙන් සිටියේ ඔහුගේ සහෝදර ආසාප් ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයා ය; ඔහු ෂිමෙයාගේ පුත්‍රයා ය;


ඔවුන්ගේ සහෝදරයන් වන මෙරාරීගේ පුත්‍රයෝ වමෙන් සිටියෝ ය. එනම්: ඒතාන් ය. ඔහු කිෂිගේ පුත්‍රයා ය; ඔහු අබ්දීගේ පුත්‍රයා ය; ඔහු මල්ලූක්ගේ පුත්‍රයා ය;


සව් බලැති දෙවි සමිඳාණෝ ශ්‍රී මුඛය විවෘත කර පෙරදිග පටන් අපර දිග දක්වා මුළු ලොවට කතා කරන සේක.


අහෝ ඉශ්රායෙල්වරුනි! නිර්මල සිත් ඇත්තන් හට දෙවිඳාණෝ කොපමණ යහපත් ද?


මාගේ දෙවිඳුනි, නිහඬ ව නොසිටිනු මැනව. දෙවිඳුනි, නිසංසල ව නොසිටිනු මැනව. පිළිතුරු නො දී නොසිටිනු මැනව.


ඔහුගේ කුලුඳුල් පුත්‍රයාගේ නම ජෝවෙල් ය; දෙවැන්නාගේ නම අබියා ය. ඔව්හු බෙයර්-ෂෙබාහි විනිශ්චයකාරයෝ වූ හ.