ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 13:7 - Sinhala New Revised Version 2018

ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අබිනාදාබ්ගේ ගෙයින් අලුත් රථයක තබා ගෙනාවෝ ය. උශ්ශා ද අහියෝ ද ගැල දැක්කුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අබිනාදාබ්ගේ ගෙයින් අලුත් රථයක තබා ගෙනාවෝ ය. උශ්ශා ද අහියෝ ද ගැල දැක්කුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අබිනාදාබ්ගේ ගෙයින් අලුත් රථයක තබා ගෙනාවෝය. උස්සාද අහියෝද ගැළ දැක්කුවෝය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 13:7
7 හුවමාරු යොමු  

ඔව්හු හෙල මත පිහිටා තිබුණු අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අලුත් රථයක තබා ගෙනාවෝ ය. අබිනාදාබ්ගේ පුත්‍රයන් වන උශ්ශා ද අහියෝ ද අලුත් රථය දක්කාගෙන ගියෝ ය.


ඔව්හු හෙල මත තිබුණ අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන රථයේ තබාගෙන ගෙනාවෝ ය; ඒ ඉදිරියෙන් අහියෝ ගමන් කෙළේ ය.


පළමු වතාවේ දී එය ගෙනා අය ඔබ හැම නොවූ බැවින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට පහර දුන් සේක. මන්ද, නියෝගය ලෙස අපි උන් වහන්සේ නොසෙවුවෙමු”යි කීවේ ය.


එවිට දාවිත් කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නටත්, හැම කල්හි ම උන් වහන්සේට සේවය කරන්නටත් සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නට ඔවුන්ට මිස වෙන කාට වත් යුතු නැතැ”යි කීවේ ය.


“මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ.


දැන් ඉතින් අලුත් ගැලක් සාදාගෙන වියගහ නොදැරූ කිරි එළදෙනුන් දෙදෙනෙකු ගෙන ගැලට බැඳ, උන්ගේ වස්සන් උන් වෙතින් වෙන් කර ගාලේ නවත්වන්න.