1 ලේකම් 12:39 - Sinhala New Revised Version 2018 ඔව්හු ආහාර පාන වළඳමින් දාවිත් ළඟ තුන්දවසක් සිටියෝ ය. මන්ද, ඔවුන්ගේ සහෝදරයන් ඔවුන්ට එසේ පිළියෙළ කර තිබිණි. Sinhala New Revised Version ඔව්හු ආහාර පාන වළඳමින් දාවිත් ළඟ තුන්දවසක් සිටියෝ ය. මන්ද, ඔවුන්ගේ සහෝදරයන් ඔවුන්ට එසේ පිළියෙළ කර තිබිණි. Sinhala Revised Old Version ඔව්හු කමින් බොමින් දාවිත් ළඟ තුන් දවසක් සිටියෝය. මක්නිසාද ඔවුන්ගේ සහෝදරයන් විසින් ඔවුන්ට එසේ පිළියෙළකර තිබුණේය. |
ඉන්පසු ඔහු කන්ද මත යාග පූජාවක් පිදූ පසු, ආහාර අනුභව කිරීමට සිය පිරිස කැඳෙව්වේ ය. ඔව්හු ද ආහාර අනුභව කොට කන්ද මත මුළු රාත්‍රිය ම ගත කළහ.
රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,
සියලු ජුදා සෙනඟ ඉශ්රායෙල් සෙනඟට පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් අපේ කිට්ටු නෑයෙකු නිසා ය; ඔබ හැම මේ කාරණය ගැන කෝප වන්නේ මන් ද? රජුගේ වියදමෙන් අපි කිසිවක් කෑවෙමු ද, නැතහොත් ඔහු කිසි තෑග්ගක් අපට දුන්නේ දැ”යි ඇසුවෝ ය.
තවද, ඔහු මුළු සෙනඟට එනම්, ඉශ්රායෙල් සමූහයාගෙන් එක එක පුරුෂයාට හා ස්ත්‍රියට රොටියකුත්, මස් කැබැල්ලකුත්, වියළි මුද්‍රික කැටියකුත් දුන්නේ ය. එවිට මුළු සෙනඟ තම තමන්ගේ නිවෙස්වලට යන්නට ගියහ.
ඉශ්රායෙල් වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය ප්‍රකාරයට, දාවිත් රජකමට පත් කරන පිණිස, සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ඔහු රජකමට පත් කිරීම ගැන ඔහුට උපකාර කළ ප්‍රධාන බලවන්තයෝ මොවුහු ය.
යුද්ධ පිළිවෙළට පැමිණෙන්න පුළුවන් වූ මේ සියලු යුද්ධ භටයෝ සියලු ඉශ්රායෙල්වරුන් පාලනය කිරීම සඳහා දාවිත් රජකමට පත් කිරීමට සම්පූර්ණ සිතින් හෙබ්‍රොන්ට ආවෝ ය. අනික් සියලු ඉශ්රායෙල්වරුත් දාවිත් රජකමට පත් කිරීමට එක් සිත් ව සිටියෝ ය.
තවද, ඉස්සාකර්ගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද දේශ දක්වා ඔවුන් අසල සිටි අය කොටළුවන් ද ඔටුවන් ද අශ්වතරයන් ද ගොනුන් ද පිට රොටි සහ පිටි කෑමත්, වියළි අත්තික්කා කැටි සහ මිදි පොකුරුත්, මුද්‍රික පානයත්, තෙලුත්, ගොනුන් සහ බැටළුවනුත් බොහෝ සෙයින් ගෙන ආවෝ ය. මන්ද, ඉශ්රායෙල්වරුන් අතරෙහි ප්‍රීතිය ඇති වූයේ ය.