1 ලේකම් 12:16 - Sinhala New Revised Version 2018 බෙන්ජමින්ගේ ද ජුදාගේ ද සෙනඟගෙනුත් සමහරෙක් දාවිත් වෙත බලකොටුවට ආවෝ ය. Sinhala New Revised Version බෙන්ජමින්ගේ ද ජුදාගේ ද සෙනඟගෙනුත් සමහරෙක් දාවිත් වෙත බලකොටුවට ආවෝ ය. Sinhala Revised Old Version බෙන්යමින්ගේද යූදාගේද පුත්‍රයන්ගෙනුත් සමහරෙක් දාවිත් වෙතට බලකොටුවට ආවෝය. |
මොවුහු පළමු වන මාසයේ, ජොර්දාන් ගඟේ වතුර එහි සියලු ඉවුරු තළා ගලා තිබිය දී, එගොඩ වී නැගෙනහිරෙත් බස්නාහිරෙත් මිටියාවත්වල වාසය කළ සියල්ලන් එළවා දැමූහ.
දාවිත් ඔවුන් සම්බ වන්න පිටතට ගොස්, ඔවුන්ට කතා කොට, “ඔබ හැම මට උපකාර කරන්න සාමදානයෙන් මා ළඟට ආවහු නම්, මාගේ සිත ඔබ කෙරෙහි ඇළුම් වන්නේ ය. එහෙත්, මා අත වරදක් නැති ව තිබෙද්දී, මාගේ එදිරිකාරයන්ට මා පාවා දෙන පිණිස ආවහු නම්, අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ එය බලා යුක්තිය ඉටු කරන සේක් වා!”යි කීවේ ය.
ගාද්වරුන්ගෙනුත් බලවන්ත මනුෂ්‍යයෝ වෙන් ව ගොස් දාවිත් වෙත පාළුකරයේ බලකොටුවට එක් වූවෝ ය. ඔව්හු යුද්ධයට පුහුණු වූ, පලිහත් හෙල්ලයත් දරන්න සමර්ථ වූ, සිංහ මුහුණු වැනි මුහුණු ඇති වේගවත්කමින් කඳුවල තිත් මුවන්ට සමාන වූ මනුෂ්‍යයෝ ය.
කුඩා ම පෙළපත වන බෙන්ජමින්ගේ පෙළපත මුලින් ම ගමන් කරන්නෝ ය. ඉන්පසු ජුදාගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද කුමරුවෝ ගමන් කරන්නෝ ය.
ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟට පැමිණ දියෙහි පා තැබූ හ. අස්වැන්න නෙළන මුළු කාලය තුළ දී ජොර්දාන් ගඟේ දිය ඉවුරු තළා උතුරා යයි.
ඔහු මෝවබ් රජු වෙත ඔවුන් කැඳවාගෙන ගියේ ය. දාවිත් ගුහාවෙහි සැඟවී සිටි මුළු කාලය තුළ ඔව්හු රජු සමඟ වාසය කළහ.
සාවුල් තමා ළඟ සිටි සේවකයන්ට කතා කොට, “බෙන්ජමින්වරුනි, සවන් දෙන්න; දාවිත් නම් ජෙස්සේගේ පුත්‍රයා ඔබ හැමට කෙත් ද මිදි වතු ද දෙනු ඇතැ යි ඔබ සිතන්නහු ද? ඔහු ඔබ සියල්ලන් සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද කරනු ඇතැ යි ඔබ සිතන්නහු ද?