තවද, දාවිත් සෙනඟගෙන් තුනෙන් කොටසක් ජෝවාබ් යටතේ ද තුනෙන් කොටසක් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර අබිෂයි යටතේ ද තුනෙන් කොටසක් ගිත්තීය ඉත්තයි යටතේ ද පිටත් කර හැරියේ ය. “මමත් ඔබ සමඟ යමි”යි දාවිත් රජ සෙනඟට කී ය.
1 ලේකම් 11:20 - Sinhala New Revised Version 2018 ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයි තිස්දෙනාගෙන් ප්‍රධානියා ව සිටියේ ය. ඔහු තමාගේ හෙල්ලය තුන්සියදෙනෙකුට විරුද්ධ ව ඔසවා, ඔවුන් මරා, තිස්දෙනා අතරේ කීර්තිය ලැබී ය. Sinhala New Revised Version ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයි තිස්දෙනාගෙන් ප්‍රධානියා ව සිටියේ ය. ඔහු තමාගේ හෙල්ලය තුන්සියදෙනෙකුට විරුද්ධ ව ඔසවා, ඔවුන් මරා, තිස්දෙනා අතරේ කීර්තිය ලැබී ය. Sinhala Revised Old Version යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි තුන්දෙනාගෙන් ප්‍රධානියාව සිටියේය. ඔහු තමාගේ හෙල්ලය තුන්සිය දෙනෙකුට විරුද්ධව ඔසවා ඔවුන් මරා, තුන්දෙනා අතරේ නාමයක් ලැබුවේය. |
තවද, දාවිත් සෙනඟගෙන් තුනෙන් කොටසක් ජෝවාබ් යටතේ ද තුනෙන් කොටසක් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර අබිෂයි යටතේ ද තුනෙන් කොටසක් ගිත්තීය ඉත්තයි යටතේ ද පිටත් කර හැරියේ ය. “මමත් ඔබ සමඟ යමි”යි දාවිත් රජ සෙනඟට කී ය.
ශෙරුයාගේ පුත්‍රයන් තිදෙනා වන ජෝවාබ්, අබිෂයි සහ අසාහෙල් එහි සිටියහ. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් වේගයෙන් දිවීමේ ශූරතාව තිබුණේ ය.
දාවිත් අබිෂයිට කතා කොට, “අබ්සලොම්ට වඩා බික්‍රිගේ පුත් ෂෙබා අපට අනතුරු කරනු ඇත. ඔහු පවුරු ඇති නගර අත් කරගෙන අපෙන් ගැළවී නොයන පිණිස, ඔබේ ස්වාමියාගේ සේවකයන් කැඳවාගෙන ඔහු ලුහුබැඳ යන්නැ”යි කී ය.
එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි රජුට සහාය වී පිලිස්තියයාට පහර දී ඔහු මැරුවේ ය. එවිට දාවිත්ගේ සෙනඟ, “ඉශ්රායෙල්වරුන්ගේ පහන වැනි බලාපොරොත්තුව වන ඔබ, නොනිවෙන පිණිස තවත් අප සමඟ යුද්ධයට නොයා යුතු ය”යි දිවුරුම් දී දාවිත්ට කියා සිටියෝ ය.
අබ්නේර් ගිබියොන්හි සටනේ දී, ජෝවාබ්ගේ සහ අබිෂයිගේ සහෝදර අසාහෙල් මැරූ නිසා, මෙසේ ඔව්හු අබ්නේර් මරාදැමූහ.
“මේ දේ කිරීමෙන් මාගේ දෙවියන් වහන්සේ මා වළක්වන සේක් වා! තමන්ගේ ජීවිතයට විය හැකි අන්තරාය නොසලකා ගිය මේ මනුෂ්‍යයන්ගේ ලේ මා බොන්න ද? මන්ද, ඔව්හු තමන්ගේ ජීවිත ගැන නොතකා මේවා ගෙනා හ”යි කී ය. එහෙයින් ඔහු ඒ වතුර බොන්න අකමැති විය. බලවන්තයෝ තුන්දෙනා මේ දේ කළෝ ය.
තිස්දෙනාට වඩා ප්‍රසිද්ධ වූයෙන් ඔහු ඔවුන්ගේ අධිපතියා විය. එසේ වී නමුත්, ඔහු පළමු වන තුන්දෙනා තරම් ප්‍රසිද්ධියට නොපැමිණියේ ය.
මොවුන්ගේ සහෝදරියෝ නම්: ශෙරුයා සහ අබිගායිල් ය. ශෙරුයාගේ පුත්‍රයෝ නම්: අබිෂයි ද ජෝවාබ් ද අසාහෙල් ද යන තුන්දෙනා ය.
එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයිටත් කතා කොට, “මා සමඟ සාවුල් ළඟට කඳවුරට යන්නේ කවරෙක් දැ”යි ඇසී ය. “මම ඔබ සමඟ යමි”යි අබිෂයි පිළිතුරු දුන්නේ ය.