ආබ්‍රම්, ඒ දේශය ඔස්සේ ගමන් කර ෂෙකෙම් නගරයේ ශුද්ධ භූමිය වන මොරේහි ආලෝන අරඹ දක්වා පැමිණියේ ය. එකල ඒ රටේ කානානිවරු සිටියෝ ය.
1 ලේකම් 10:12 - Sinhala New Revised Version 2018 සියලු නිර්භීත මනුෂ්‍යයෝ පිටත් ව ගොස්, සාවුල්ගේ ශරීරය ද ඔහුගේ පුත්‍රයන්ගේ ශරීර ද රැගෙන ජාබෙෂ්ට අවුත්, ඔවුන්ගේ ඇටකටු ජාබෙෂ්හි ආලෝන ගස යට වළලා සත් දවසක් නිරාහාර ව සිටියහ. Sinhala New Revised Version සියලු නිර්භීත මනුෂ්‍යයෝ පිටත් ව ගොස්, සාවුල්ගේ ශරීරය ද ඔහුගේ පුත්‍රයන්ගේ ශරීර ද රැගෙන ජාබෙෂ්ට අවුත්, ඔවුන්ගේ ඇටකටු ජාබෙෂ්හි ආලෝන ගස යට වළලා සත් දවසක් නිරාහාර ව සිටියහ. Sinhala Revised Old Version සියලු නිර්භීත මනුෂ්‍යයෝ පිටත්ව ගොස් සාවුල්ගේ ශරීරයද ඔහුගේ පුත්‍රයන්ගේ ශරීරද රැගෙන යාබෙෂ්ට අවුත්, ඔවුන්ගේ ඇට යාබෙෂ්හි අලෝන ගස යට වළලා, සත් දවසක් නිරාහාරව උන්නෝය. |
ආබ්‍රම්, ඒ දේශය ඔස්සේ ගමන් කර ෂෙකෙම් නගරයේ ශුද්ධ භූමිය වන මොරේහි ආලෝන අරඹ දක්වා පැමිණියේ ය. එකල ඒ රටේ කානානිවරු සිටියෝ ය.
තවද, රෙබෙකාගේ කිරි මව වූ දෙබොරා මළ බැවින්, ඇය බෙතෙල් නම් ස්ථානයට පහළින් ආලෝන ගස යට භූමදාන කරනු ලැබුවා ය. එබැවින් ඊට අල්ලොන්-බාකුත් යන නම දෙන ලද්දේය.
ඔව්හු ජොර්දානෙන් එගොඩ අතාද් නම් ස්ථානයේ කමතට පැමිණ, එහි මහත් සංවේගයකින් තදින් වැලපුණාහ. ජෝසෙප් ද දවස් හතක් අවමංගල වත්පිළිවෙත් ඉටු කෙළේ ය.
එය දවල් කාලය වූ බැවින් දාවිත්ට කෑම කන්නට පෙරැත්ත කරන පිණිස මුළු සෙනඟ ආහ. එහෙත් දාවිත්, “මා රොටි වත්, වෙන කිසි දෙයක් වත් ඉර බැස යන තෙක් කටට ගත්තොත්, දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!”යි කියමින් දිවුළේ ය.
මාර්තාගේ හා මරියාගේ සහෝදරයාගේ මරණය ගැන අසා, ඔවුන් සනසන පිණිස ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.
මසකට පමණ පසු අම්මොනිවරයෙකු වූ නාහාෂ් රජ ගිලියද් පෙදෙසෙහි තිබූ ජාබෙෂ් නගරයට විරුද්ධ ව පැමිණ එය වටලෑවේ ය. ජාබෙෂ්හි මනුෂ්‍යයෝ කතා කොට, “අප සමඟ ගිවිසුමක් කළ මැනව, එවිට අපි ඔබට යටත් වන්නෙමු”යි නාහාෂ්ට කීවෝ ය.
ඔව්හු පණිවුඩකාරයන්ට කතා කොට, “ ‘හෙට මද්දහනට පෙර ගිලියද්හි ජාබෙෂ් නගරය මුදනු ලබනු ඇතැ’යි ජාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැ”යි කීවෝ ය. පණිවුඩකාරයෝ ගොස් ජාබෙෂ්හි සෙනඟට එපවත් දැන්නුවෝ ය; ඔව්හු ද ප්‍රීතියෙන් පිනා ගියෝ ය.
ඔවුන් අතරෙන් සියලු නිර්භීත මනුෂ්‍යයෝ නැඟිට මුළු රෑ බෙත්ෂාන්ට ගමන් කොට පවුරෙන් සාවුල්ගේ මළකඳ ද ඔහුගේ පුත්‍රයන්ගේ මළකඳන් ද ජාබෙෂ්ට ගෙන අවුත් එහි දී ඒවා ආදාහන කළහ.