1 ලේකම් 1:7 - Sinhala New Revised Version 2018 ජාවාන්ගේ පුත්රයෝ නම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම් සහ රොදානිවරු ය. Sinhala New Revised Version ජාවාන්ගේ පුත්රයෝ නම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම් සහ රොදානිවරු ය. Sinhala Revised Old Version යාවාන්ගේ පුත්රයෝනම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිවරු සහ රොදානිවරුය. |
තාර්ෂිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය; ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝ ය;
තීර් පිළිබඳ දේව ප්රකාශනය මෙසේ ය: අහෝ! තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න. මන්ද, තීර් නම් තොටුපළ විනාශකර ඇත. එහි ගෙවල් හා වරාය සුන්බුන් වී ඇත. සයිප්රසයෙන් නුඹලාගේ නැව් ආපසු පැමිණෙන විට නුඹලාට ආරංචි වනු ඇත.
“සීදොන් පුරංගනාවෙනි, නුඹේ ප්රීතිය දැන් ඉවර ය. නුඹේ සෙනඟ පීඩා කරනු ලබති. ඔවුන් සයිප්රසයට පලා ගියත් එහි දී ඔවුන්ට ආරක්ෂාවක් ඇති වන්නේ නැතැ”යි සමිඳාණෝ වදාරන සේක.
මම ඔවුන් අතරේ සලකුණක් තබන්නෙමි. ඔවුන් අතරෙන් ගැළවී සිටින අය, මාගේ කීර්තිය ගැන නොඇසූ, මාගේ තේජස නොදුටු දුර බැහැර ද්වීපයන් වන තර්ෂිෂ්හි ද පුල්හි ද දුනුවායන් සිටින ලුද්හි ද තුබල්හි ද ජාවාන්හි ද සිටින ජාතීන් වෙත යවන්නෙමි. ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස ප්රකාශ කරනු ඇත.
බස්නාහිරින් පිහිටි සයිප්රසයට ගොස් බලා, නැත්නම්, නැගෙනහිරින් පිහිටි කේදාර්ට කෙනෙකු යවා, හොඳට සෝදිසි කර මෙවැන්නක් මීට පෙර වී තිබේ දැ යි කියා බලන්න.
බාෂාන්හි ආලෝන ලීවලින් නුඹේ හබල් සෑදූ හ. නුඹේ නැවේ තට්ටුව කිත්තිවරුන්ගේ ද්වීපවලින් ගෙනා තසූර් ලීවලින් සාදා ඇත් දත් ගිල්වූ හ.
නුඹේ රුවල් කොඩිය මිසරයේ සිහින් විසිතුරු රෙදිවලින් සෑදී තිබේ. නුඹේ වියන එලිෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් රෙදි ය.
කිත්තිම් දිසාවෙන් නැව් එනු ඇත. අසිරියාවට, බබිලෝනියට පහර දෙනු ඇත. එහෙත්, ඔව්හු ද විනාශයට පැමිණෙති.”