1 ලේකම් 1:5 - Sinhala New Revised Version 2018 ජපෙත්ගේ පුත්‍රයෝ නම්: ගොමෙර්, මාගොග්, මාදයි, ජාවාන්, තුබල්, මෙෂෙක් සහ තීරස් ය. Sinhala New Revised Version ජපෙත්ගේ පුත්‍රයෝ නම්: ගොමෙර්, මාගොග්, මාදයි, ජාවාන්, තුබල්, මෙෂෙක් සහ තීරස් ය. Sinhala Revised Old Version යඵෙත්ගේ පුත්‍රයෝනම්: ගොමෙර්, මාගොග්, මාදයි, යාවාන්, තූබල්, මෙෂෙක් සහ තීරාස්ය. |
ජාවාන් ද තුබල් ද මෙෂෙක් ද නුඹේ වෙළෙඳුන් ව සිට නුඹ සමඟ වහලුන් ද ලෝකඩ භාණ්ඩ ද වෙළෙඳ බඩු මෙන් හුවමාරු කරගත්හ.
ගොමෙර් සහ එහි සියලු හමුදා ද උතුරේ දුර බැහැර සිටින තොගර්මා වංශය සහ එහි සියලු හමුදා ද යන බොහෝ ජනයෝ නුඹ සමඟ සිටිති.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේක: “තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොග් රජුට විරුද්ධ ව දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. ‘බලන්න, රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන ගොග් රජු වන නුඹට මම විරුද්ධ ව සිටිමි.