මෙලෙස ඉඩම ද එහි ගුහාව ද හිත්තීවරුන් විසින් ආබ්‍රහම්ට සොහොන් බිමක් ලෙස සින්නකර දෙන ලදී.
1 ලේකම් 1:13 - Sinhala New Revised Version 2018 කානාන්ට දාව තමාගේ කුලුඳුලා වූ සීදොන් සහ හෙත් ද; Sinhala New Revised Version කානාන්ට දාව තමාගේ කුලුඳුලා වූ සීදොන් සහ හෙත් ද; Sinhala Revised Old Version කානාන්ට දාව තමාගේ කුලුඳුලාවූ ශීදොන් සහ හෙත්ද; |
මෙලෙස ඉඩම ද එහි ගුහාව ද හිත්තීවරුන් විසින් ආබ්‍රහම්ට සොහොන් බිමක් ලෙස සින්නකර දෙන ලදී.
රෙබෙකා ඊසාක්ට කතා කොට, “හෙත්ගේ දූවරුන් නිසා මට ජීවිතය එපා වී තිබේ. ජාකොබ් ද මේ රටේ ස්ත්‍රීන් වැනි, හෙත්ගේ දූවරුන්ගෙන් කාන්තාවක සරණ පාවාගත්තොත් මට මාගේ ජීවිතයෙන් මොන වැඩක්දැ”යි කීවා ය.
කානාන්ගේ පියා වන හාම් සිය පියාගේ නග්න භාවය දුටු විට, ඔහු ගොස් පිටත සිටි තමාගේ සොහොයුරන් දෙදෙනාට එපවත් කී ය.
එවිට දාවිත්, “හිත්තීය උරියා මා ළඟට එවන්නැ”යි ජෝවාබ්ට කියා යැවී ය. ජෝවාබ්, දාවිත් ළඟට උරියා යැවී ය.
පත්රුසිම්වරු ද කස්ලුහිම්වරු ද ක්‍රීට්වරු ද උපන්නෝ ය. පිලිස්තිවරුන් පැවත ආයේ ඔවුන්ගෙන් ය.
නුඹලා වෙතින් හිවීවරුන්, කානානිවරුන් හා හිත්තීවරුන් පන්නා දමන පිණිස නුඹලාට පෙරටුව මම දෙබරුන් යවන්නෙමි.
ජොර්දානෙන් මෙගොඩ කඳු රටෙහි ද පහත රටෙහි ද මධ්‍යධරණි මුහුද අසබඩ මුළුල්ලෙහි ලෙබනොන් දක්වා ද විසූ හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද කානානිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද සියලු රජවරුන් ඒ ගැන ඇසූ කල,