නෝවාගේ දරුවන් වන ෂෙම්, හාම් සහ ජපෙත් යන තිදෙනාගේ පරම්පරා මෙසේ ය. මහා ජලගැල්මෙන් පසු ඔවුන්ට පුත්රයෝ උපන්නා හ.
1 ලේකම් 1:1 - Sinhala New Revised Version 2018 ආදම්, සෙත්, ඒනොෂ්; Sinhala New Revised Version ආදම්, සෙත්, ඒනොෂ්; Sinhala Revised Old Version ආදම්, සෙත්, ඒනොෂ්; කේනාන්, මහලලෙල්, යරෙද්; |
නෝවාගේ දරුවන් වන ෂෙම්, හාම් සහ ජපෙත් යන තිදෙනාගේ පරම්පරා මෙසේ ය. මහා ජලගැල්මෙන් පසු ඔවුන්ට පුත්රයෝ උපන්නා හ.
ආදම් ද යළි සිය භාර්යාව සමඟ එක් විය. ඈ පුතෙකු ලැබූ කල, “කායින් මැරූ ආබෙල් වෙනුවට දෙවියන් වහන්සේ මට පුතෙකු දුන් සේකැ”යි කීවා ය. එබැවින් ඈ ඔහුට සෙත් යන නාමය තැබුවා ය.
ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය: දෙවියන් වහන්සේ මිනිසා මවන විට සිය සමානත්වය ඇති ව ඔහු මැවූ සේක.
ඔහු අර්පක්සද්ගේ පුත්රයා ය, ඔහු ෂෙම්ගේ පුත්රයා ය, ඔහු නෝවාගේ පුත්රයා ය, ඔහු ලාමෙක්ගේ පුත්රයා ය,
ඔහු ඒනොක්ගේ පුත්රයා ය, ඔහු ජාරෙද්ගේ පුත්රයා ය, ඔහු මාලෙලෙයීල්ගේ පුත්රයා ය, ඔහු කේනාන්ගේ පුත්රයා ය, ඔහු ඒනොෂ්ගේ පුත්රයා ය, ඔහු සෙත්ගේ පුත්රයා ය, ඔහු ආදම්ගේ පුත්රයා ය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්රයා ය.