ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 8:33 - Sinhala New Revised Version 2018

“ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින් සතුරා ඉදිරියෙහි ඔවුන් පරාජය වූ කල, ඔව්හු දෙවනු ඔබ වෙත හැරී ඔබේ නාමය ප්‍රකාශ කර, මේ මාලිගාවේ දී ඔබට යාච්ඤා කර කන්නලව් කළොත්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින් සතුරා ඉදිරියෙහි ඔවුන් පරාජය වූ කල, ඔව්හු දෙවනු ඔබ වෙත හැරී ඔබේ නාමය ප්‍රකාශ කර, මේ මාලිගාවේ දී ඔබට යාච්ඤා කර කන්නලව් කළොත්,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් ඔබට විරුද්ධව පව්කළ බැවින් සතුරා ඉදිරියෙහි පරාජයවූ කල ඔවුන් දෙවනු ඔබ වෙතට හැරී ඔබගේ නාමය ප්‍රකාශකර, මේ ගෘහයේදී ඔබට යාච්ඤා කර කන්නලව් කළොත්,

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 8:33
23 හුවමාරු යොමු  

ඔබ ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පාපයට කමා වී, ඔවුන්ගේ පියවරුන්ට ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව.


එවිට ඔවුන් වහලුන් කොට ගෙනයනු ලැබූ දේශයේ දී ඔවුන් එය සිතට ගෙන පසුතැවී සිත් හරවා ගෙන, ඔවුන් වහල්කමට ගත් අයගේ දේශයේ දී ඔබට කන්නලව් කොට, ‘අපි පව් කෙළෙමු; හිතුවක්කාරකමින් ද දුෂ්ටකමින් ද ක්‍රියා කෙළෙමු’යි කියමින්,


ඔවුන් වහල්කමට ගත් ඔවුන්ගේ සතුරන්ගේ දේශයේ දී තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශය ද ඔබ තෝරාගත් නගරය ද ඔබේ නාමයට මා ගොඩනැඟුවාවූ මාලිගාව ද දෙස බලා, ඔබට යාච්ඤා කළොත්,


සතුරන්ට බිය වී පලා යාමට ඔබ අපට සැලැසූ සේක. සතුරෝ අපේ රට කොල්ලකාගත්හ.


සමිඳුනි, ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබේ ශුද්ධ තේජාන්විත භවනයේ සිට බැලුව මැනව. අප කෙරේ සැලකිල්ල කොයි ද? ඔබේ බලය කොහි ද? ඔබේ ප්‍රේමයත්, අනුකම්පාවත් අපෙන් ඉවත් නොකළ මැනව.


සමහර විට ඔවුන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කන්නලව් කොට, යාච්ඤා කොට, එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. මන්ද, සමිඳාණන් වහන්සේ මේ සෙනඟට විරුද්ධ ව ප්‍රකාශ කර තිබෙන උදහස සහ කෝපය ඉමහත් ය.”


මම නුඹලාට විරුද්ධ වන්නෙමි. නුඹලාගේ සතුරන් ඉදිරියෙහි නුඹලා මරනු ලබන්නහු ය. නුඹලාගේ සතුරෝ නුඹලා පාලනය කරන්නෝ ය. කෙනෙකු නුඹලා ලුහුබැඳ නොයන විට පවා නුඹලා පලා යන්නහු ය.


මාගේ ගිවිසුම කඩ කළ නිසා දඬුවම් කරනු පිණිස නුඹලාගේ රටට යුද්ධයක් පමුණුවනු ලැබේ. නුඹලා නගරවල එක් රැස් වී සිටින විට මම නුඹලා අතරට වසංගත පමුණුවන්නෙමි. නුඹලාගේ සතුරන්ගේ බලයට නුඹලා පාවා දෙනු ලබන්නහු ය.


දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත්, ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැක, ඔවුන්ට කරන්නට අදහස් කළ විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකළ සේක.


“සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් ඉදිරියෙහි ඔබ පරාජය වන්නට සලසන සේක. ඔබ ඔවුන්ට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් පලා යන්නහු ය. මිහි පිට සියලු රාජධානීන්හි වැසියන්ට ඔබ ගොරතර භීතියක් වන්නහු ය.


උන් වහන්සේ ඔබට විරුද්ධ ව එවන සතුරන්ට සාපිපාසයෙන් ද කයට වතක් නැති ව ද අගහිඟකමින් ද ඔබ සේවය කරන්නහු ය. ඔබ වැනසී යන තෙක් ඔව්හු ඔබේ කරපිට දරුණු වියගසක් තබන්නෝ ය.


අහෝ සමිඳාණන් වහන්ස! ඉශ්රායෙල්වරුන් සිය සතුරන්ට පිටුපා පලා ගිය පසු මම කුමක් කියම් ද?