එවිට නාතාන් පිළිතුරු දෙමින්, “ඔබ ගොස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි රජුට කීවේ ය.
1 රාජාවලිය 8:18 - Sinhala New Revised Version 2018 එහෙත්, සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට නුඹේ සිතේ තිබූ අදහස හොඳ එකකි. Sinhala New Revised Version එහෙත්, සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට නුඹේ සිතේ තිබූ අදහස හොඳ එකකි. Sinhala Revised Old Version එහෙත් ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට: මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට නුඹේ සිතේ තිබුණ කල්පනාව හොඳ කාරණයක්මය. |
එවිට නාතාන් පිළිතුරු දෙමින්, “ඔබ ගොස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි රජුට කීවේ ය.
“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟීමට අදහසක් මාගේ පිය වූ දාවිත්ගේ සිතේ තිබිණි.
එසේ වී නමුත්, නුඹ ඒ මාලිගාව ගොඩනඟන්නේ නැත; නුඹට දාව ඉපදෙන නුඹේ පුත්‍රයා ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය’යි වදාළ සේක.
දීමට උද්‍යෝගිමත් බවක් ඇති නම් දෙවියන් වහන්සේ, යමෙකුගෙන් නැති දේ නොඉල්ලා, යමෙකුට ඇති පමණින් දෙන දීමනාව පිළිගන්නා සේක.