දාවිත් දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කර නිම කළ පසු සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේ ය.
1 රාජාවලිය 8:14 - Sinhala New Revised Version 2018 රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව නැඟිට සිටිය දී, මුහුණ හරවා ඔවුන්ට ආශීර්වාද කරමින් මෙසේ කී ය: Sinhala New Revised Version රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව නැඟිට සිටිය දී, මුහුණ හරවා ඔවුන්ට ආශීර්වාද කරමින් මෙසේ කී ය: Sinhala Revised Old Version රජ තෙමේ මුහුණ හරවා මුළු ඉශ්රායෙල් සභාව නැගිට සිටිද්දී මුළු ඉශ්‍රායෙල් සභාවට ආශීර්වාදකරමින් කියනුයේ: |
දාවිත් දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කර නිම කළ පසු සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේ ය.
දාවිත් දවන යාග පූජාව ද සහභාගිකමේ පූජා ද ඔප්පු කර නිම වූ විට, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේ ය.
හෙසකියා ද අධිපතීහු ද අවුත් ඒ ගොඩවල් බලා සමිඳාණන් වහන්සේටත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් ප්‍රශංසා කළෝ ය.
රජ තෙමේ සෙනඟ දෙසට හැරී මුළු ඉශ්රායෙල් සභාව නැඟිට සිටිය දී මුළු සභාවට ආශීර්වාද කෙළේ ය.
පූජකයෝ ද තම තමන්ගේ තනතුරුවල යෙදී සිටියහ. ලෙවීවරුත් සමිඳාණන් වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝ ය. ඔව්හු දාවිත් රචිත ගී ගයමින්, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි කියමින් උන් වහන්සේට ප්‍රශංසා කළහ. උන් වහන්සේට ස්තුති කිරීමට දාවිත් විසින් ඒවා රචනා කරනු ලැබ තිබිණි. පූජකයෝ ද ඔවුන් ඉදිරිපිටින් සිටගෙන නළා පිම්බෝ ය; සියලු ඉශ්රායෙල්වරු ද නැඟිට සිටියහ.
තවද, ජේෂුවා ද බානී ද ෂෙරෙබියා ද ජාමීන් ද අක්කුබ් ද ෂබ්බෙතයි ද හෝදියා ද මයසේයා ද කෙලීටා ද අශරියා ද ජොශාබාද් ද හානාන් ද පෙලායා ද යන ලෙවීවරු ද සෙනඟ ඔවුන් සිටි තැන්වල නැවතී සිටිය දී ම ඔවුන්ට ව්‍යවස්ථාව තේරුම් කර දුන්හ.
ඉශ්රායෙල් ජාතිය අන්‍ය සියලු ජාතීන්ගෙන් වෙන් වී, තමන්ගේ පව් ද තමන්ගේ පියවරුන්ගේ අපරාධ ද ප්‍රකාශ කළහ.
සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි. සමිඳුන්ගේ මාලිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු.
සියලු සෙනඟ සම්මුඛ මණ්ඩපයේ දොර ළඟ වූ වලා ටැඹ දුටු විට ඔව්හු නැඟිට තම තමන්ගේ කූඩාරම් දොරටු අසල සිටගෙන නමස්කාර කළහ.
අතිවිශාල සමූහයක් උන් වහන්සේ වෙත රැස් වූ බැවින් උන් වහන්සේ ඔරුවකට නැඟී හිඳගත් සේක. මුළු ජනකාය වෙරළෙහි සිටියහ.
මෙසේ කියා ජෝෂුවා ඔවුන්ට ආශීර්වාද කොට ඔවුන්ට යන්නට අවසර දුන්නේ ය. ඔව්හු ද තමන්ගේ නිවාසවලට ගියෝ ය.