තවද, සලමොන් රජු මිසරයේ රජු වන පාරාවෝගේ දුව සරණ පාවාගෙන, පාරාවෝ සමඟ ගිවිසුමක් කරගත්තේ ය. ස්වකීය මාලිගයත්, සමිඳාණන් වහන්සේගේ මන්දිරය හා ජෙරුසලම වටකර පවුරත් ගොඩනඟා නිම කරන තුරු, ඔහු ඇය දාවිත් රජුගේ නුවරට ගෙනාවේ ය.
1 රාජාවලිය 7:8 - Sinhala New Revised Version 2018 ඔහුට වාසය කිරීම සඳහා ශාලාවට එහා පැත්තෙන් අනික් මළුවේ ඔහුගේ මාලිගාව ඊට සමාන ව සාදන ලදී. ඒ ශාලාවට සමාන වූ නිවෙසක් සලමොන් තමා භාර්යාව කොට පාවාගත් පාරාවෝගේ දුවටත් සෑදුවේ ය. Sinhala New Revised Version ඔහුට වාසය කිරීම සඳහා ශාලාවට එහා පැත්තෙන් අනික් මළුවේ ඔහුගේ මාලිගාව ඊට සමාන ව සාදන ලදී. ඒ ශාලාවට සමාන වූ නිවෙසක් සලමොන් තමා භාර්යාව කොට පාවාගත් පාරාවෝගේ දුවටත් සෑදුවේ ය. Sinhala Revised Old Version ඔහුට වාසයකිරීමට ශාලාවට එහා පැත්තෙන් අනික් මිදුලේ තිබුණ ඔහුගේ ගෘහය ඊට සමානව සාදන ලද්දේය. ඒ ශාලාවට සමානවූ ගෙයක් සාලමොන් තමා භාර්යාකොට පාවාගත් ඵාරාවෝගේ දුවටත් සෑදුවේය. |
තවද, සලමොන් රජු මිසරයේ රජු වන පාරාවෝගේ දුව සරණ පාවාගෙන, පාරාවෝ සමඟ ගිවිසුමක් කරගත්තේ ය. ස්වකීය මාලිගයත්, සමිඳාණන් වහන්සේගේ මන්දිරය හා ජෙරුසලම වටකර පවුරත් ගොඩනඟා නිම කරන තුරු, ඔහු ඇය දාවිත් රජුගේ නුවරට ගෙනාවේ ය.
මේ සියල්ල ම කියතෙන් ඉරා කැපූ ගල්වල මිමිවල හැටියට ඇතුළෙනුත්, පිටිනුත් අත්තිවාරමේ පටන් පියස්සේ පහත කෙළවර දක්වා ද පිටත සිට මහ මළුව දක්වා ද වටිනා ගල්වලින් නිම කරන ලද්දේ ය.
මිසරයේ රජ වූ පාරාවෝ අවුත් ගෙශෙර් නම් නගරය අල්ලාගෙන, එය ගිනිබත් කොට, ඒ නගරයේ විසූ කානානිවරුන් මරා එය සලමොන් රජුගේ බිරිඳ වන තම දුවට දායාදයක් කොට දී තිබිණි.
පාරාවෝගේ දුව දාවිත්ගේ නුවර සිට සලමොන් විසින් ඇය උදෙසා ගොඩනඟන ලද ඇගේ මාලිගාවට පැමිණියා ය. ඉන්පසු ඔහු මිල්ලෝ නම් ස්ථානය ගොඩනැඟී ය.
සලමොන් වනාහි පාරාවෝගේ දුව දාවිත්ගේ නුවරින් කැඳවාගෙන විත්, ඇය සඳහා ගොඩනැඟුවා වූ මාලිගාවට ඇය ගෙනාවේ ය. මන්ද, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පැමිණි ස්ථාන ශුද්ධ බැවින් මාගේ භාර්යාවක ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ මාලිගාවෙහි නොවිසිය යුතු ය”යි ඔහු කීවේ ය.