තවද, හීරාම් තෙමේ සෝදන භාජන ද හැඳි ද තැටි ද සෑදී ය. මෙසේ හීරාම් සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා සලමොන් රජු උදෙසා කළ සියලු වැඩ නිම කෙළේ ය.
1 රාජාවලිය 7:13 - Sinhala New Revised Version 2018 සලමොන් රජ පණිවුඩයක් යවා තීර් නගරයේ සිට හීරාම් නමැත්තෙකු ගෙන්වා ගත්තේ ය. Sinhala New Revised Version සලමොන් රජ පණිවුඩයක් යවා තීර් නගරයේ සිට හීරාම් නමැත්තෙකු ගෙන්වා ගත්තේ ය. Sinhala Revised Old Version සාලමොන් රජ තීර්හි සිට හීරාම් ගෙන්වා ගත්තේය. |
තවද, හීරාම් තෙමේ සෝදන භාජන ද හැඳි ද තැටි ද සෑදී ය. මෙසේ හීරාම් සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා සලමොන් රජු උදෙසා කළ සියලු වැඩ නිම කෙළේ ය.
එහෙත්, ස්වර්ගයට ද අති උසස් ස්වර්ගයට ද උන් වහන්සේ දරන්න අවකාශ තිබෙද්දී උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්න කවරෙකු හට පුළුවන්කම තිබේ ද? උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කිරීමට මිස, වෙන කුමන හේතුවක් නිසා උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්න මම කවරෙක් ද?
තවද, හූරාම්, සැළිත්, හැඳිත්, තාලිත් සෑදුවේ ය. මෙසේ හූරාම් දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සලමොන් රජ උදෙසා කළ වැඩ ඉෂ්ට කොට නිම කෙළේ ය.
තවද, මම ඔහු දේවාත්මානුභාවයෙන් ද නන්වැදෑරුම් නිර්මාණ ශිල්පය පිළිබඳ දක්ෂතාවෙන් ද හැකියාවෙන් ද අවබෝධයෙන් ද පූර්ණ කෙළෙමි.