ඔහු රජුට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මා විසින් මරණයට නියම කරන ලද මිනිසා නුඹ නිදහස් කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණය ද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟ ද දෙන්න වේ යැ’ ”යි කීවේ ය.
1 රාජාවලිය 22:35 - Sinhala New Revised Version 2018 ඒ දවසේ යුද්ධය තදබල විය. රජතුමා සිරියන්වරුන්ට ඉදිරිපිටින්, ආධාර ඇති ව රථයේ කෙළින් සිටුවනු ලැබ සවස මළේ ය. තුවාළයෙන් රථයේ පතුලට ලේ ගලාගෙන ගියේ ය. Sinhala New Revised Version ඒ දවසේ යුද්ධය තදබල විය. රජතුමා සිරියන්වරුන්ට ඉදිරිපිටින්, ආධාර ඇති ව රථයේ කෙළින් සිටුවනු ලැබ සවස මළේ ය. තුවාළයෙන් රථයේ පතුලට ලේ ගලාගෙන ගියේ ය. Sinhala Revised Old Version ඒ දවසේ යුද්ධය තදබල වුණේය. රජතෙමේ සිරියවරුන්ට ඉදිරිපිටින්, ආධාර ඇතුව රථයේ කෙලින් සිටුවනුලැබ, සවස මළේය. තුවාලයෙන් ලේ රථයේ පතුලට ගලාගෙන ගියේය. |
ඔහු රජුට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මා විසින් මරණයට නියම කරන ලද මිනිසා නුඹ නිදහස් කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණය ද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟ ද දෙන්න වේ යැ’ ”යි කීවේ ය.
මීකායා ද, “ඔබ ඇත්තටම සාමදානයෙන් හැරී ආවොත් සමිඳාණන් වහන්සේ මා ලවා කතා කෙරෙව්වේ නැත. ජනයිනි, ඔබ සියල්ලන් ම අසන්නැ”යි කීවේ ය.
එහෙත්, එක් මනුෂ්‍යයෙක් අහම්බෙන් දුන්න තැත්කවා ඉශ්රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේ ය. එවිට ඔහු රියැදුරාට කතා කොට, “ඔබ ආපසු හැරී මා යුද්ධයෙන් පිටතට ගෙනයන්න, මට බොහෝ තුවාළ ය”යි කී ය.
එක එක මනුෂ්‍යයා තම තමාගේ නුවරටත්, රටටත් යේ වා යි කියා ඉර බහින වේලාවේ කඳවුර පුරා ප්‍රසිද්ධියක් කරන ලදී.
එහෙත්, ජේහු මුළු ශක්තියෙන් දුන්න ඇද ජෝරාම්ගේ පිට මැදට විද්දේ ය. ඊ ගහ ඔහුගේ හෘදය පසා කරගෙන පිට විය. ඔහු රථයෙහි ඇද වැටුණේ ය.