තවද, කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, “ඔබ සිරියාවේ වැසියන් නැති කරන තුරු මේවායින් ඔවුන්ට අනිනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.
1 රාජාවලිය 22:24 - Sinhala New Revised Version 2018 එවිට කෙනානාගේ පුත් ශෙදෙකියා ළං වී මීකායාගේ කම්මුලට ගසා, “සමිඳාණන් වහන්සේගේ ආත්මය ඔබට කතා කරන්නට මා කෙරෙන් ගියේ කොයි මාර්ගයෙන් දැ”යි ඇසී ය. Sinhala New Revised Version එවිට කෙනානාගේ පුත් ශෙදෙකියා ළං වී මීකායාගේ කම්මුලට ගසා, “සමිඳාණන් වහන්සේගේ ආත්මය ඔබට කතා කරන්නට මා කෙරෙන් ගියේ කොයි මාර්ගයෙන් දැ”යි ඇසී ය. Sinhala Revised Old Version එවිට කෙනානාගේ පුත්‍රවූ ශෙදෙකිය ළංවී මීකායාගේ කන්මුලට ගසා: ස්වාමීන්වහන්සේගේ ආත්මය නුඹට කථාකරන්ට මා කෙරෙන් ගියේ කොයි මාර්ගයෙන්දැයි ඇසුවේය. |
තවද, කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, “ඔබ සිරියාවේ වැසියන් නැති කරන තුරු මේවායින් ඔවුන්ට අනිනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.
හමුදා රැස් කරන්න. සතුරෝ ජෙරුසලම වටලාගෙන සිටිති. ඉශ්රායෙල්හි නායකයන්ට ඔව්හු කෙවිටකින් පහර දෙති.
එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න.
එකල ඇතැමෙක් උන් වහන්සේට කෙළ ගසන්නට ද උන් වහන්සේගේ මුහුණ වසා අතින් පහර දෙමින්, “ඉතින් දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කියන්නට ද පටන්ගත්හ. මුර සේවකයෝ ද උන් වහන්සේ භාරගෙන, අතුල් පහර දුන්හ.
‘දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවේ ය’යි මා ඔබට වදාළ වචනය සිහි කරන්න. ඔව්හු මට පීඩා කළෝ නම්, ඔබටත් පීඩා කරන්නෝ ය; මාගේ වචනය පිළිපැද්දෝ නම්, ඔබගේ වචනයත් පිළිපදින්නෝ ය.
එවිට පාවුලු, “කෛරාටිකයෙකු වූ ඔබට දෙවියන් වහන්සේ පහර දෙනු ඇත. ව්‍යවස්ථාව අනුව මා විනිශ්චය කිරීමට වාඩි වී සිටින ඔබ ව්‍යවස්ථාවට විරුද්ධ ව මට පහර දෙන්නට අණ කරන්නෙහි දැ”යි ඇසී ය.