එහෙත්, සතර වන පරම්පරාවේ දී ඔව්හු නැවත මෙහි පැමිණෙන්නෝ ය. මන්ද, අමෝරිවරුන්ගේ දුෂ්ටකම තව ම නිම වී නැති හෙයිනැ”යි වදාළ සේක.
1 රාජාවලිය 21:26 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි පන්නාදැමූ අමෝරිවරුන් කළ සියල්ල ලෙස ඔහු දේව රූප පසුපස ගොස් ඉතා පිළිකුල් ක්‍රියා කෙළේ ය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේගේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි පන්නාදැමූ අමෝරිවරුන් කළ සියල්ල ලෙස ඔහු දේව රූප පසුපස ගොස් ඉතා පිළිකුල් ක්‍රියා කෙළේ ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරිපිටින් පන්නාදැමූ අමෝරිවරුන් කළ සියල්ල ලෙස ඔහු දේව රූප පස්සේ ගොස් ඉතා පිළිකුල් ලෙස ක්‍රියාකෙළේය) |
එහෙත්, සතර වන පරම්පරාවේ දී ඔව්හු නැවත මෙහි පැමිණෙන්නෝ ය. මන්ද, අමෝරිවරුන්ගේ දුෂ්ටකම තව ම නිම වී නැති හෙයිනැ”යි වදාළ සේක.
ඔහු උත්තර දෙමින්, “මා නොව ඔබ සහ ඔබේ පියාගේ වංශය සමිඳාණන් වහන්සේගේ ආඥා අත්හැර, බාල් දේවතාවා පසුපස ගිය කාරණය නිසා ඔබ හැම ඉශ්රායෙල් ජනයා කැළඹුවහු ය.
ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි ගමන්කර සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පහකරදැමූ විජාතීන්ගේ පිළිකුල් සිරිත් ලෙස තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය.
‘රූපවලට වැඳුම්පිදුම් නොකරන්නැ’යි සමිඳාණන් වහන්සේ ඔවුන්ට වදාළ නමුත් ඔව්හු ඒ දේ කළෝ ය.
“ජුදාහි රජ වන මනස්සේ මේ පිළිකුල්කම් කරමින්, ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට ජුදාවරුන් ද තමාගේ දේව රූපවලින් පාපයට පෙළඹවූ නිසා,
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නා දැමූ විජාතීන්ගේ පිළිකුල් ක්‍රියා ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
ආසා මේ පණිවුඩය ද දිවැසිවර ඕදෙද්ගේ දිවැස් වැකිය ද ඇසූ කල ධෛර්ය උපදවාගෙන, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් මුළු දේශයෙන් ද එප්‍රායිම් කඳු රටින් තමා අල්ලාගත් නගරවලින් ද පිළිකුල් දේව රූප අහක් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපය ඉදිරිපිට තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය ද අලුත් වැඩියා කෙළේ ය.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා හැටියට ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
එහෙත්, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් විනාශ කරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට මනස්සේ ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද මුළා කෙළේ ය.
පූජකයන්ගේ සියලු ප්‍රධානීහු ද සෙනඟ ද ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා හැටියට බොහෝ සේ අපරාධ කරමින්, සමිඳාණන් වහන්සේ ජෙරුසලමෙහි විශුද්ධ කළ උන් වහන්සේගේ මාලිගාව අපවිත්‍ර කළෝ ය.
මළකඳන් වැනි අශික්ෂිත පිළිමවලින් ඔවුන් මාගේ දේශය දූෂණය කර, දේශය පිළිකුල් කටයුතු දෙවිවරුන්ගෙන් පුරවා ඇති නිසා මම ඔවුන්ගේ අයුතුකමටත්, පාපයටත් දෙගුණයක් ප්‍රතිවිපාක ගෙන දෙන්නෙමි.”
මම ද, අහෝ, මා ද්වේෂ කරන ඔය පිළිකුල් දෙය නොකරන්නැ යි කියන්නට දිවැසිවරුන් වන මාගේ සියලු සේවකයන් වැළ නොකැඩී නුඹලා වෙත එවුවෙමි.
එහෙත්, නුඹ ඔවුන් ගිය මාර්ගයෙන් යෑමෙන් වත්, ඔවුන් කළ පිළිකුල් ක්‍රියා කිරීමෙන් වත් සෑහීමට නොපැමිණ නොබෝ කලකින් ඔවුන්ටත් වඩා නුඹේ කල්ක්‍රියාවෙන් දුෂ්ටකම් කෙළෙහි ය.
අසරණයාට ද දිළින්දාට ද පීඩා කොට කොල්ලකන්නේ ය; ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු නොදෙන්නේ ය; දේව රූප දෙසට නෙත් යොමා,
ඔබ නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට එලෙස නොකළ යුතු ය. සමිඳාණන් වහන්සේ වෛර කරන සෑම පිළිකුල් දෙයක් ම ඔවුන් තමන්ගේ දෙවිදේවතාවන් සම්බන්ධයෙන් කර ඇත. ඔව්හු තමන්ගේ දෙවිදේවතාවන් සඳහා ඔවුන්ගේ දරුදැරියන් පවා ගින්නේ පිළිස්සූ හ.
මන්ද, සමිඳාණන් වහන්සේ ඉතා විශාල වූ විජාතීන් ඔබ ඉදිරියෙන් පන්නාදැමූ සේක. ඒ නිසා ඔබට විරුද්ධ ව සිටින්නට අද දවස දක්වා කිසිවෙකුට පුළුවන් වුණේ නැත.
මන්ද, විජාතීන් කැමැති දේ කිරීමට පසුගිය කාලයේ දී ඔබටත් ඇති තරම් කල් වේලා තිබිණි. ඒ කාලයේ දී ඔබ අනාචාරකමින් ද සල්ලාලකමින් ද බීමත්කමින් ද අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවවලින් ද පිළිකුල් රූප ඇදහිල්ලෙන් ද ජීවිතය ගත කළහු ය.
එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.