ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 21:18 - Sinhala New Revised Version 2018

“නුඹ පිටත් ව සමාරියේ වසන ඉශ්රායෙල් රජු වන ආහබ් රජු හමුවන්න යන්න. ඔහු නාබොත්ගේ මිදි වත්ත අයිති කරගන්න එහි ගොස් සිටියි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“නුඹ පිටත් ව සමාරියේ වසන ඉශ්රායෙල් රජු වන ආහබ් රජු හමුවන්න යන්න. ඔහු නාබොත්ගේ මිදි වත්ත අයිති කරගන්න එහි ගොස් සිටියි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹ පිටත්ව සමාරියේ වසන ඉශ්‍රායෙල් රජවූ ආහබ් රජ සම්මුඛවෙන්ට යන්න. ඔහු නාබොත්ගේ මිදිවත්ත අයිතිකරගන්ට එහි ගොස් සිටියි.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 21:18
6 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් ළඟට අවුත් මෙසේ කී ය: “එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් ධනවතෙකි; අනික් තැනැත්තා දිළින්දෙකි.


මන්ද, ඔහු බෙතෙල්හි පූජාසනයටත්, සමාරියේ නගරවල කඳු මත පූජාස්ථානවලටත් විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ ආඥාව පරිදි කී පණිවුඩය ඉෂ්ට වනු සිකුරු ය”යි කී ය.


ජුදාහි රජ වූ ආසාගේ තිස්අට වන අවුරුද්දේ දී ඔම්රීගේ පුත් ආහබ් ඉශ්රායෙල්වරුන්ගේ රජ වී සමාරියේ විසිදෑවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.


ඉන්පසු මෙසේ සිදු විය. සමාරියේ රජු වන ආහබ්ගේ මාලිගාවට සමීපව ජෙශ්‍රෙයෙල් නගරයේ නාබොත්ට මිදි වත්තක් තිබිණි.


තවද, සමිඳාණන් වහන්සේගේ පණිවුඩය තිෂ්බීය එලියා වෙත පැමිණ,


ඔහු අහසියා සොයා ගියේ ය. ඔව්හු සමාරියේ සැඟවී සිටි ඔහු අල්ලා ජේහු ළඟට ගෙනවුත් මැරුවෝ ය. තවද, ඔව්හු කතා කොට, “මොහු වනාහි තමාගේ මුළු සිතින් සමිඳාණන් වහන්සේ සොයා ගිය ජෙහෝරාම්ගේ පුත්‍රයා ය”යි ඔහු තැන්පත් කළෝ ය. රාජ්‍යය ගෙන යාමට අහසියාගේ වංශයේ කිසිවෙක් සිටියේ නැත.