1 රාජාවලිය 20:6 - Sinhala New Revised Version 2018 ඇරත් හෙට මේ වේලාවට පමණ මාගේ සේවකයන් ඔබ ළඟට එවන්නෙමි. ඔවුන් ඔබේත්, ඔබේ සේවකයන්ගේත් ගෙවල් සෝදිසි කර, ඔබට ප්‍රසන්න වන සියල්ල ම ඔවුන්ගේ අතට ගෙන එනු ඇත කියා බෙන්-හදද් කියන්නේ ය”යි සැළ කළහ. Sinhala New Revised Version ඇරත් හෙට මේ වේලාවට පමණ මාගේ සේවකයන් ඔබ ළඟට එවන්නෙමි. ඔවුන් ඔබේත්, ඔබේ සේවකයන්ගේත් ගෙවල් සෝදිසි කර, ඔබට ප්‍රසන්න වන සියල්ල ම ඔවුන්ගේ අතට ගෙන එනු ඇත කියා බෙන්-හදද් කියන්නේ ය”යි සැළ කළහ. Sinhala Revised Old Version ඇරත් හෙට මේ වේලාවට පමණ මාගේ සේවකයන් නුඹ ළඟට එවන්නෙමි, ඔවුන් නුඹේ ගේත් නුඹේ සේවකයන්ගේ ගෙවලුත් සෝදිසිකර, නුඹට ප්‍රසන්නවූ සියල්ලම ඔවුන්ගේ අතට ගෙන එනවා ඇත කියා බෙන්-හදද් කියන්නේයයි කීවෝය. |
දාවිත් පිළිතුරු දෙමින්, “මම මහත් අමාරුවකට වැටී සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අපි භාර වන්නෙමු. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මිනිසුන්ගේ අතට මම අසු නොවෙම්වා”යි ගාද්ට කී ය.
පණිවුඩකාරයෝ නැවත අවුත් කතා කොට, “ඔබේ රන් රිදී ද ඔබේ අඹු දරුවන් ද ඔබ මට දෙන්න ඕනෑ යයි ඔබට කියා එවීමි.
එවිට ඉශ්රායෙල් රජ දේශයේ සියලු ප්‍රජා මූලිකයන් කැඳවා, “මේ මිනිසා නපුරක් කරන්න සොයන හැටි කල්පනා කර බලන්න, ඔහු මාගේ භාර්යාවන් ද මාගේ දරුවන් ද මාගේ රන් රිදී ද මාගෙන් ඉල්ලා එවූ විට, දෙන්නට බැරිය කියා මම නොකීවෙමි”යි දැන්වී ය.
කිලෝග්‍රෑම් අටයි දශම හතරක් බර ඇති රන් තලි විස්සකුත්, රන් මෙන් අනර්ඝ වූ හොඳ දීප්තිමත් ලෝකඩ භාජන දෙකකුත් කිරා ඔවුන් අතට දිනිමි.
පිළිම සාදන සියල්ලෝ චපලයෝ ය. ඔවුන් උසස් කොට සලකන දෙවිවරු වැදගැම්මකට නැත. ඒ දෙවිවරුන් නමදින සියල්ලෝ අන්ධ ය, අඥාන ය. ඔව්හු නින්දාවට පැමිණෙන්නෝ ය.
“නායකයෙනි, කෑ මොරගසන්න; සෙනඟගේ ප්‍රධානියෙනි, අළුවල පෙරළී හඬන්න. මාරක විපත් කාලය ද විසිර යෑමේ කාලය ද ළඟා වී ඇත. තෝරාගත් බැටළුවන් මෙන් නුඹලා ඝාතනය කරනු ලබන්නහු ය.
ඇගේ එදිරිකාරයා සිය අත පාමින්, ඇගේ සියලු වස්තුව පැහැරගෙන ඇත. සභාවට පිවිසීමට ඔබ තහනම් කළ විදේශීන් ශුද්ධස්ථානයට ඇතුළු වී ඇත.
ජෙරුසලම ඇගේ පීඩා සහ දුක් දවස්වල දී පෙර කල පටන් ඈට තිබුණු ඇගේ සියලු ප්‍රිය දේ සිහි කරයි. ඈට උපකාර කරන්නෙකු නැති ව, ඇගේ සෙනඟ සතුරාගේ අතට අසු වූ විට, උදව් කරන්න කිසිවෙක් නො වී ය. සතුරෝ ඈ දෙස බලා, ඇගේ වැටීම ගැන ඈට සරදම් කළෝ ය.
ඔවුන් සශ්‍රික බට ගස්මෙන් සරු වෙතත්, ඔවුන්ගේ උල්පත් හා ජලාශ වියළී යන පිණිස සමිඳාණන් වහන්සේ පාළුකරයෙන් පෙරදිග සුළඟක් එවන සේක. වටිනා සියලු දේ එයින් නැති වී යන්නේ ය.
මන්ද, නුඹලා මාගෙන් රන් රිදී ගෙන ගොස් ඇත. මාගේ වටිනා වස්තු නුඹලාගේ දේවාලවලට පැහැරගෙන ගොස් ඇත.