සමිඳාණන් වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් ළඟට අවුත් මෙසේ කී ය: “එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් ධනවතෙකි; අනික් තැනැත්තා දිළින්දෙකි.
1 රාජාවලිය 20:40 - Sinhala New Revised Version 2018 එහෙත්, ඔබේ මෙහෙකරුවා නොයෙක් කටයුතු කරන අතර ඔහු සැඟවී ගියේ ය”යි කීවේ ය. ඉශ්රායෙල් රජ, “ඔබේ තීන්දුව එසේ ම වන්නේ ය. ඔබ ම ඒක තීන්දු කෙළෙහි ය”යි කීවේ ය. Sinhala New Revised Version එහෙත්, ඔබේ මෙහෙකරුවා නොයෙක් කටයුතු කරන අතර ඔහු සැඟවී ගියේ ය”යි කීවේ ය. ඉශ්රායෙල් රජ, “ඔබේ තීන්දුව එසේ ම වන්නේ ය. ඔබ ම ඒක තීන්දු කෙළෙහි ය”යි කීවේ ය. Sinhala Revised Old Version නුමුත් ඔබගේ මෙහෙකරුවා එහෙ මෙහෙ කටයුතු කරන අතර ඔහු සැඟවී ගියේයයි කීවේය. ඉශ්‍රායෙල් රජ: නුඹේ තීන්දුව එසේම වන්නේය; නුඹම ඒක තීන්දුකෙළහියයි කීවේය. |
සමිඳාණන් වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් ළඟට අවුත් මෙසේ කී ය: “එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් ධනවතෙකි; අනික් තැනැත්තා දිළින්දෙකි.
ස්ත්‍රිය ද මෙසේ කීවා ය: “එසේ වී නම්, ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟට විරුද්ධ ව එබඳු දෙයක් කරන්නට කල්පනා කෙළේ මන් ද? ඔබ පන්නා දැමූ ඔබේ පුත්‍රයාට ආපසු එන්නට ඉඩ දී නැත. එබැවින් ඔබ කී දෙයින් ම ඔබ වරදකරුවෙක් වන්නෙහි ය.
රජු ඒ ළඟින් යන කල ඔහු රජුට මොරගසා, “ඔබේ මෙහෙකරු වන මම සටන් මධ්‍යයට ගියෙමි. එවිට එක් මිනිසෙක් තවත් මිනිසෙකු මා ළඟට ගෙනවුත් කතා කොට, ‘මේ මිනිසා බලාගන්න. ඔහු යම් අන්දමකින් ගැළවී ගියොත්, ඔහුගේ ප්‍රාණය වෙනුවට ඔබේ ප්‍රාණය දෙන්නට වේ. නැතහොත් රිදී කාසි තුන්දාහක් ගෙවිය යුතු ය’යි කීවේ ය.
එවිට ඔහු වහා ම හිස්වැස්ම තමාගේ ඇස්වලින් ඉවත් කෙළේ ය. එවිට ඔහු දිවැසිවරයෙකු බව ඉශ්රායෙල් රජ හැඳිනගත්තේ ය.
සමිඳාණන් වහන්සේගේ කාර්යයන් මුළු ධෛර්යය යොදා නොකරන්නන්ට සාප වේ වා! කඩුවෙන් ගසා නොමරන්නාටත් සාප වේ වා!
එවිට ඔහු කතා කොට, ‘නපුරු දාසය, ඔබේ ම වචනවලින් ඔබ විනිශ්චය කරමි. මා නුදුන් දෙය ගන්නා වූ, නොවපුළ දෙය කපන්නා වූ, දැඩි සිතක් ඇති කෙනෙකු බව ඔබ දැන සිටියෙහි ය.