එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්,
1 රාජාවලිය 20:33 - Sinhala New Revised Version 2018 ඒ මනුෂ්‍යයො ද රජු කී වචනය හොඳ ලකුණක් කොට සලකා, එය වහා පිළිගෙන, “ඔහු ඔබේ සහෝදරවන බෙන්-හදද් ය”යි කීවෝ ය. ඔහු ද කතා කොට, “ඔබ ගොස් ඔහු කැඳවාගෙන එන්නැ”යි කී ය. එකල බෙන්-හදද් ඔහු වෙත පැමිණියේ ය. රජ ද ඔහු රථයට නංවාගත්තේ ය. Sinhala New Revised Version ඒ මනුෂ්‍යයො ද රජු කී වචනය හොඳ ලකුණක් කොට සලකා, එය වහා පිළිගෙන, “ඔහු ඔබේ සහෝදරවන බෙන්-හදද් ය”යි කීවෝ ය. ඔහු ද කතා කොට, “ඔබ ගොස් ඔහු කැඳවාගෙන එන්නැ”යි කී ය. එකල බෙන්-හදද් ඔහු වෙත පැමිණියේ ය. රජ ද ඔහු රථයට නංවාගත්තේ ය. Sinhala Revised Old Version ඒ මනුෂ්‍යයෝ රජු කී වචනය හොඳ ලකුණක්කොට සලකා, ඒ වචනය වහාම අල්වාගෙන: ඔබගේ සහෝදරවූ බෙන්-හදද්යයි කීවෝය. ඔහුද: නුඹලා ගොස් ඔහු කැඳවාගන එන්නැයි කීවේය. එකල බෙන්-හදද් ඔහු වෙතට ආයේය. රජ ඔහු රථයට නංවාගත්තේය. |
එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්,
එවිට ඔව්හු තමන්ගේ ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් මත ලණු දමාගෙන, ඉශ්රායෙල් රජු ළඟට පැමිණ, “ඔබේ මෙහෙකරු වන බෙන්-හදද්, ‘මාගේ ප්‍රාණය ආරක්ෂා කළ මැනව’යි කියන්නේ ය”යි සැළ කළහ. එවිට ආහබ් කතා කොට, “ඔහු තව ම ජීවත් ව සිටී ද? ඔහු මාගේ සහෝදරයා ය”යි කීවේ ය.
බෙන්-හදද් ද කතා කරමින්, “මාගේ පියාණන් විසින් ඔබේ පියාණන්ගෙන් ගන්න ලද නගර ආපසු දෙන්නෙමි. මාගේ පියාණන් සමාරියෙහි වෙළෙඳ පොළවල් සෑදූ ලෙස ඔබට ද දමස්කයෙහි සාදාගන්න පුළුවනැ”යි කීවේ ය. ආහබ් ද කතා කොට, “මම ද මේ ගිවිසුම පිට ඔබ යන්න හරිමි”යි ඔහු සමඟ ගිවිසුමක් කර ඔහු යන්නට හැරියේ ය.
ඔහු එතැනින් ගිය විට ඔහුගේ පෙරමඟට ආ රේකාබ්ගේ පුත් ජෙහෝනාදාබ් සම්බ වී ඔහුට ආචාර කොට, “මාගේ සිත ඔබේ සිත කෙරේ අවංක ව තිබෙන්නාක් මෙන් ඔබේ සිතත් අවංක දැ”යි ඇසුවේ ය. ජෙහෝනාදාබ්, “එසේ ය”යි කී විට, “එසේ නම් මට ඔබේ අත දෙන්නැ”යි ඔහු කීවේ ය. ඔහු තමාගේ අත ඔහුට දුන්නේ ය.
ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේ ය. මන්ද, ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ, සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝ ය.
“යමෙකු මඟ පෙන්නුවොත් මිස මට තේරුම්ගත හැක්කේ කෙසේ දැ”යි ඔහු පිළිතුරු දී, රථයට නැඟී තමා සමඟ හිඳගන්නට පිලිප්ගෙන් උදක් ම ඉල්ලී ය.