ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ පළමුවෙන් පිටතට ගියෝ ය. බෙන්-හදද් සොයා බැලූ විට, “මිනිසුන් සමහරෙක් සමාරියෙන් පිටතට ආවෝ යැ”යි දන්වන ලදී.
1 රාජාවලිය 20:19 - Sinhala New Revised Version 2018 මෙසේ ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ ද ඔවුන් අනුව ගිය සේනාව ද නගරයෙන් පිටතට ගොස් Sinhala New Revised Version මෙසේ ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ ද ඔවුන් අනුව ගිය සේනාව ද නගරයෙන් පිටතට ගොස් Sinhala Revised Old Version මෙසේ ජනපදවල අධිපතීන්ගේ සේවකයෝද ඔවුන් අනුව ගිය සේනාවද නුවරින් පිටතට ගොස්, |
ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ පළමුවෙන් පිටතට ගියෝ ය. බෙන්-හදද් සොයා බැලූ විට, “මිනිසුන් සමහරෙක් සමාරියෙන් පිටතට ආවෝ යැ”යි දන්වන ලදී.
ඔහු ද කතා කොට, “ඔව්හු සාමදානය පිණිස පැමිණියෝ නම්, පණපිටින් අල්ලාගන්න. යුද්ධය පිණිස පැමිණියෝ නම්, එසේ වුණත්, පණපිටින් අල්ලාගන්නැ”යි කීවේ ය.
එකිනෙකා එක මිනිසෙකු බැගින් මැරූ හ. එවිට සිරියාවේ වැසියෝ පලා ගියහ. ඉශ්රායෙල්වරු ද ඔවුන් ලුහුබැඳ ගියහ. සිරියාවේ රජ වන බෙන්-හදද් අසෙකු පිට නැඟී සිය අශ්වාරෝහක පිරිසක් සමඟ ගැළවී ගියේ ය.
මෙසේ ජෝවාබ් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සිරියන්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලා ගියෝ ය.