එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්,
1 රාජාවලිය 20:17 - Sinhala New Revised Version 2018 ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ පළමුවෙන් පිටතට ගියෝ ය. බෙන්-හදද් සොයා බැලූ විට, “මිනිසුන් සමහරෙක් සමාරියෙන් පිටතට ආවෝ යැ”යි දන්වන ලදී. Sinhala New Revised Version ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ පළමුවෙන් පිටතට ගියෝ ය. බෙන්-හදද් සොයා බැලූ විට, “මිනිසුන් සමහරෙක් සමාරියෙන් පිටතට ආවෝ යැ”යි දන්වන ලදී. Sinhala Revised Old Version ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ පළමුකොට පිටතට ගියෝය; බෙන්-හදද් විභාගකෙරෙවු විට: සමහර මිනිස්සු සමාරියෙන් පිටතට ආවෝය කියා ඔහුට දන්වනලද්දේය. |
එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්,
ඉර මුදුන් වේලේ ඔව්හු පිටතට ගියෝ ය. එහෙත්, බෙන්-හදද් වනාහි තමාට උපකාර කරන රජවරුන් තිස්දෙනා සමඟ මත් වන තරමට මිදියුස පානය කරමින් කූඩාරම්වල සිටියේ ය.
ඔහු ද කතා කොට, “ඔව්හු සාමදානය පිණිස පැමිණියෝ නම්, පණපිටින් අල්ලාගන්න. යුද්ධය පිණිස පැමිණියෝ නම්, එසේ වුණත්, පණපිටින් අල්ලාගන්නැ”යි කීවේ ය.