උන් වහන්සේගේ නාමයෙන් පූජාසනයක් ගොඩනැඟී ය. ඉන්පසු ඒ පූජාසනය වටේට වතුර ලීටර් දහහතරක් පමණ අල්ලන තරම් වූ අගලක් කපා,
1 රාජාවලිය 18:35 - Sinhala New Revised Version 2018 වතුර පූජාසනය වටේට ගලා ගොස්, අගල ද වතුරෙන් පිරුණේ ය. Sinhala New Revised Version වතුර පූජාසනය වටේට ගලා ගොස්, අගල ද වතුරෙන් පිරුණේ ය. Sinhala Revised Old Version වතුර පූජාසනය වටේට ගලාගොස්; අගළද වතුරෙන් පිරුණේය. |
උන් වහන්සේගේ නාමයෙන් පූජාසනයක් ගොඩනැඟී ය. ඉන්පසු ඒ පූජාසනය වටේට වතුර ලීටර් දහහතරක් පමණ අල්ලන තරම් වූ අගලක් කපා,
දෙ වන වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට ඔව්හු දෙ වන වරත් එසේ කළෝ ය. තුන් වන වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට, ඔව්හු තුන් වන වරත් එසේ කළෝ ය.
සවස යාගය ඔප්පු කරන වේලාවේ දිවැසිවර එලියා ළං වී කතා කොට, “ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස ඔබ ඉශ්රායෙල් හි දෙවියන් වහන්සේ බව ද මා ඔබේ සේවකයා බව ද මා මේ දෙය කෙළේ, ඔබේ වචනය ලෙස බව ද අද ඔවුන්ට දැනගන්නට ලැබේ වා!
එවිට සමිඳාණන් වහන්සේ වෙතින් ගිනි බැස පූජාවත්, දරත්, ගලුත්, ධූලිත් දවා අගලේ වතුරත් වියළවා දැමී ය.