එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත්, කොටළුවා හා සිංහයා ද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සම්බ විය. සිංහයා මළකඳ කා තිබුණේ වත්, කොටළුවා ඉරා දමා තිබුණේ වත් නැත.
1 රාජාවලිය 17:4 - Sinhala New Revised Version 2018 ඒ ඔයෙන් නුඹට බොන්න පුළුවන. එහි දී නුඹට කෑම දෙන්නට කපුටුවන්ට මම අණ කෙළෙමි”යි කීවේ ය. Sinhala New Revised Version ඒ ඔයෙන් නුඹට බොන්න පුළුවන. එහි දී නුඹට කෑම දෙන්නට කපුටුවන්ට මම අණ කෙළෙමි”යි කීවේ ය. Sinhala Revised Old Version ඒ ඔයෙන් නුඹට බොන්නට පුළුවන; එහිදී නුඹට කෑම දෙන්ට කපුටුවන්ට මම අණකෙළෙමියි කීසේක. |
එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත්, කොටළුවා හා සිංහයා ද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සම්බ විය. සිංහයා මළකඳ කා තිබුණේ වත්, කොටළුවා ඉරා දමා තිබුණේ වත් නැත.
“මෙතැනින් පිටත් ව, පෙරදිගට ගොස් ජොර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න.
ඔහු ගොස් සමිඳාණන් වහන්සේ වදාළ ලෙස කෙළේ ය. ඔහු ජොර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් ඔය ළඟ වාසය කෙළේ ය.
“නුඹ පිටත් වී සීදොන් අසල පිහිටි ශාරෙපත් නම් නගරයට ගොස් එහි වාසය කරන්න. නුඹට ආහාර දීමට එහි සිටින වැන්දඹු ස්ත්රියකට අණ කෙළෙමි”යි කීවේ ය.
නිහඬ ව සිටියත්, එතුමාණන්ට වරද තබන්නෝ කවරහු ද? කිසිත් නොකර සිටියත්, එතුමාණන්ට දොස් තැබිය හැකි ද?
කපුටුවන් සාගින්නෙන් ඔබමොබ පියාඹන විට, උන්ගේ පැටවුන් කෑම ඉල්ලා දෙවිඳුන්ට කෑ ගසන විට උන්ට කෑම සපයන්නේ කවරෙක් ද?
“නුඹේ සැරයටිය ගෙන නුඹත්, නුඹේ සොහොයුරු ආරොනුත් ජනතාවත් එකට රැස් කරන්න. එසේ රැස් කොට, ඔවුන්ට පෙනෙන අර පර්වතයට අණ කරන්න. ඉන් වතුර ගලා යනු ඇත. නුඹ පර්වතයෙන් ගලා යන ඒ වතුර ඔවුන්ට දිය යුතු ය. මෙසේ සෙනඟටත්, ඔවුන්ගේ සතුන්ටත් බොන්නට වතුර ලැබෙනු ඇතැ”යි වදාළ සේක.
උන් වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක.