ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 17:12 - Sinhala New Revised Version 2018

එවිට ඈ කතා කොට, “බඳුනක පිටි මිටකුත්, කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටි නැත. ඒවා සාදාගන්නට දර කෑලි දෙකක් අහුලමි. මටත්, මාගේ පුත්‍රයාටත් තිබෙන ඒ අන්තිම කෑම වේල අනුභව කළ පසු නහින්නෙමු යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ඈ කතා කොට, “බඳුනක පිටි මිටකුත්, කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටි නැත. ඒවා සාදාගන්නට දර කෑලි දෙකක් අහුලමි. මටත්, මාගේ පුත්‍රයාටත් තිබෙන ඒ අන්තිම කෑම වේල අනුභව කළ පසු නහින්නෙමු යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට ඈ කථාකොට: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මුට්ටියක පිටි මිටකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මා සහ මාගේ පුත්‍රයා විසින් කාලා නහින පිණිස ඒවා සාදා ගන්ට දර කෑලි දෙකක් අවුලමියි කීවාය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 17:12
21 හුවමාරු යොමු  

බෝතලයේ වතුර ඉවර වූ පසු ඈ පඳුරක් යට දරුවා තබා


හී සැරයක් පමණ දුර ගොස් වාඩි වූවා ය. “දරුවා මැරෙනවා මා බලා ඉන්නේ කොහොම දැ”යි කියමින් ඈ ගොස් ඈතින් හිඳගත්තා ය. දරුවා ද කෑගසමින් හැඬුවේ ය.


ඉත්තයි රජුට උත්තර දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සිටින්නේ යම් තැනක ද, එතැන ම මැරෙන්නට හෝ ජීවත් වන්නට හෝ ඔබේ මෙහෙකරුවා සිටින්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි”යි කී ය.


ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.


ඇය එය ගෙනෙන්නට යන අතර ඔහු ඈට අඬගසා, “කරුණාකර, ඔබේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනන්නැ”යි කීවේ ය.


එලියා ඈට කතා කොට, “බිය නොවන්න, ගොස් ඔබ කී හැටියට කරන්න. එහෙත්, පළමුකොට එයින් මට කුඩා රොටියක් සාදා මා ළඟට ගෙනෙන්න; පසු ව ඔබටත්, ඔබේ පුත්‍රයාටත් සාදාගන්න.


මා පිටතට ගිය විට කඩුවෙන් මැරුම් කෑ අය මට පෙනේ; මා නගරයට ඇතුළු වූ විට සාගතයෙන් ලෙඩ වී සිටින අය මට පෙනේ. දිවැසිවරු ද පූජකයෝ ද කිසිවක් නොදැන දේශයේ ඔබමොබ යති.’ ”


සැබෑ ලෙසත්, යුතු ලෙසත්, අවංක ලෙසත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නෙහි නම්, සියලු ජාතීහු නුඹ ආසිරිලත් අයුරින් ආසිරි පතා මට ප්‍රශංසා කරන්නෝ ය.”


ඔවුන්, ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන නමුත්, ඇත්තෙන් ම ඔවුන් දිවුරන්නේ බොරුවට ය.


සාගින්නෙන් මැරුම්කන්නන්ට වඩා කඩුවෙන් මැරුම්කන්නන්ට පහසුව ඇත්තේ ය. මන්ද, මොවුහු කෙතේ අස්වැන්න නැති බැවින් කෙමෙන් පීඩිත වී, ක්ෂය වී යති.


එක් ස්ත්‍රියක් ඉතා අගනා සුවඳ විලවුන් පිරුණු කිරිගල් කරඬුවක් ගෙන උන් වහන්සේ වෙතට අවුත්, කෑමට හිඳගෙන හුන් උන් වහන්සේගේ හිස මත වත් කළා ය.


වරදකරු මාගේ පුත් ජොනතන් වුව ද, ඉශ්රායෙල් ගළවන ජීවමාන සමිඳාණන් වහන්සේගේ නමින් මම දිවුරා, ඔහු වුව ද මරණයට පත් කරන්නෙමි”යි කීවේ ය. එහෙත්, මුළු සෙනඟ අතරෙන් කිසිවෙකු ඔහුට උත්තර දුන්නේ නැත.


එවිට සෙනඟ සාවුල්ට කතා කොට, “ඉශ්රායෙල්ට මේ මහත් ජයග්‍රහණය ලබා දුන් ජොනතන් නසින්නට ඕනෑ ද? එසේ නොවේ වා. ඔහුගේ හිසෙන් කේශයක් වත් බිම නොවැටිය යුතු යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමු. මන්ද, ඔහු දෙවියන් වහන්සේ සමඟ අද දවසේ ක්‍රියා කෙළේ ය”යි කීවෝ ය. මෙසේ ජොනතන් නොනසින ලෙස සෙනඟ ඔහු බේරාගත්තෝ ය.


ඉන්පසු ඊගස් සොයාගෙන එන පිණිස මාගේ සේවකයා යවන්නෙමි. මා සේවකයා අමතා ‘බලන්න, ඊගස් ඇත්තේ ඔබට මේ පැත්තෙන් ය; ඒවා ගන්නැ’යි කීවොත්, එයින් අදහස් කරන්නේ ඔබට අනතුරක් නැති බව ය. එබැවින් ඔබට පිට වී ආ හැකි ය. ඔබ කිසි අනතුරකට නොවැටෙන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි.


දාවිත් පිළිතුරු දෙමින්, “ඔබ මට ප්‍රේම කරන බව පියා හොඳාකාරයෙන් දන්නේ ය. ඒ නිසා ඔබේ සිත නොරිදවන පිණිස ඔහු මට කරන්න යන දෙය ඔබෙන් සඟවා ඇත. සැබැවින් ම මාත්, මරණයත් අතරේ ඇත්තේ එක මොහොතක් පමණ යයි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද ඔබට දිවුරා කියමි”යි කීවේ ය.


දැන් මාගේ ස්වාමීනි, ලේ වැගිරීමේ අපරාධයෙන් ද ඔබේ ම අතින් පළිගැනීමෙන් ද සමිඳාණන් වහන්සේ ඔබ වැළැක්වූ සේකැ යි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි. එබැවින් ඔබේ සතුරෝ ද මාගේ ස්වාමියා වන ඔබට අන්තරා කරන්නට සොයන්නා ද නාබල් මෙන් තිරිසන්නු වෙත් වා.


තවදුරටත් ඔහු කතා කරමින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා මෙසේ කී ය: “ඔහු මැරෙන්නට නියම දවස පැමිණි විට හෝ ඔහු යුද්ධයට ගොස් නසින විට හෝ සමිඳාණන් වහන්සේ ම ඔහුට පහර දෙන සේක;