1 රාජාවලිය 15:28 - Sinhala New Revised Version 2018 ජුදාහි රජ වූ ආසාගේ තුන් වන අවුරුද්දේ දී බාෂා තෙමේ නාදාබ් මරා ඔහු වෙනුවට රජ විය. Sinhala New Revised Version ජුදාහි රජ වූ ආසාගේ තුන් වන අවුරුද්දේ දී බාෂා තෙමේ නාදාබ් මරා ඔහු වෙනුවට රජ විය. Sinhala Revised Old Version යූදාහි රජවූ ආසාගේ තුන්වෙනි අවුරුද්දේදී බාෂාතෙමේ නාදාබ් මරා ඔහු වෙනුවට රජවුණේය. |
තවද, ඉස්සාකර් වංශයේ අහියාගේ පුත් බාෂා, නාදාබ්ට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, නාදාබ් සහ සියලු ඉශ්රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන් නගරය වටලා සිටි අතර එහි දී ඔහුට පහර දුන්නේ ය.
තවද, ඔහු රජ වූ වහා ම ජෙරොබෝවම්ගේ මුළු වංශය නැසුවේ ය. විනාශ නොකර පණපිටින් කිසිවෙකු ඔහු ජෙරොබෝවම්ට ඉතිරි නොකෙළේ ය.
එකල ඉශ්රායෙල් සෙනඟ දෙපක්ෂයකට බෙදී සෙනඟගෙන් දෙකෙන් කොටසක් ගීනත්ගේ පුත් තිබ්නී රාජ ධුරයට පත් කරගැනීමට ඔහුට එකතු වූ හ. අනෙක් කොටස ඔම්රීට එකතු වූ හ.
ඔවුන් වැරදි පියවරක් ගන්න විට පළිගැනීම හා ප්‍රතිඵල දීම මාගේ ය. ඔවුන්ගේ විපත්ති දවස ළඟ ය; ඔවුන්ගේ අවසානය වහා පැමිණේ.