සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු භූමදාන කරන්නෝ ය. මන්ද, ජෙරොබෝවම්ගේ වංශය අතරෙන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ යහපත් යමක් ඔහු තුළ ඇති බැවින් ජෙරොබෝවම්ගේ වංශයෙන් ඔහු පමණක් නියම විධියට භූමදාන කරනු ලබන්නේ ය.
1 රාජාවලිය 14:12 - Sinhala New Revised Version 2018 “එබැවින් ඔබ පිටත් ව ඔබේ ගෙදරට යන්න. නගරය තුළට ඔබ පා තබන විට ළමයා මැරෙනු ඇත. Sinhala New Revised Version “එබැවින් ඔබ පිටත් ව ඔබේ ගෙදරට යන්න. නගරය තුළට ඔබ පා තබන විට ළමයා මැරෙනු ඇත. Sinhala Revised Old Version එබැවින් නුඹ පිටත්ව නුඹේ ගෙදරට යන්න. නුඹේ පාද නුවර ඇතුලේ තබනකොටම ළමයා මැරෙනවා ඇත. |
සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු භූමදාන කරන්නෝ ය. මන්ද, ජෙරොබෝවම්ගේ වංශය අතරෙන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ යහපත් යමක් ඔහු තුළ ඇති බැවින් ජෙරොබෝවම්ගේ වංශයෙන් ඔහු පමණක් නියම විධියට භූමදාන කරනු ලබන්නේ ය.
ඔබේ අතින් රොටි දසයක් ද රස කැවිලි ද මීපැණි භාජනයක් ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට කුමක් වේ ද කියා ඔහු ඔබට දන්වනු ඇතැ”යි පැවසී ය.
ඔහු කතා කොට, “නුඹ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට පණිවුඩකාරයන් යැව්වේ, දේව වාක්‍යයෙන් විචාරන්නට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින් නුඹ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ඔහුට කී ය.
ඔව්හු කතා කොට, “මනුෂ්‍යයෙක් අපේ පෙරමඟට අවුත්, ‘ඔබ හැම එවූ රජු ළඟට හැරී ගොස්, ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යවන්නේ ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින්, ඔබ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔහුට කියන්නැ’යි අපට සැළ කෙළේ ය”යි කී හ.