ඒ මහලු දිවැසිවරයා ද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ගැන වැලපී, ඔහු තැන්පත් කරන පිණිස ඔහුගේ මළකඳ ඔසවා කොටළුවා පිට තබා, සිය නගරයට ගෙන ගොස්,
1 රාජාවලිය 13:30 - Sinhala New Revised Version 2018 තමාගේ ම සොහොන් ගෙයි තැබී ය. ඔහු ද, “අහෝ, මාගේ සහෝදරය” කියා ඔහු ගැන වැලපුණේ ය. Sinhala New Revised Version තමාගේ ම සොහොන් ගෙයි තැබී ය. ඔහු ද, “අහෝ, මාගේ සහෝදරය” කියා ඔහු ගැන වැලපුණේ ය. Sinhala Revised Old Version තමාගේම සොහොන් ගෙයි තැබුවේය; ඔව්හුද: අහෝ මාගේ සහෝදරය! කියා ඔහු ගැන වැලපුණෝය. |
ඒ මහලු දිවැසිවරයා ද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ගැන වැලපී, ඔහු තැන්පත් කරන පිණිස ඔහුගේ මළකඳ ඔසවා කොටළුවා පිට තබා, සිය නගරයට ගෙන ගොස්,
සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු භූමදාන කරන්නෝ ය. මන්ද, ජෙරොබෝවම්ගේ වංශය අතරෙන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ යහපත් යමක් ඔහු තුළ ඇති බැවින් ජෙරොබෝවම්ගේ වංශයෙන් ඔහු පමණක් නියම විධියට භූමදාන කරනු ලබන්නේ ය.
තවද, ඔහු කතා කොට, “මට පෙනෙන අර සොහොන් කොත, කුමක් දැ”යි ඇසී ය. නගර වාසීහු උත්තර දෙමින්, “එය ජුදා සිට අවුත් බෙතෙල්හි පූජාසනයට විරුද්ධ ව ඔබ කළ මේ දේවල් කලින් ප්‍රකාශ කළ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ සොහොන් කොත ය”යි කී හ.
එබැවින් ජොෂියාගේ පුත් ජුදාහි රජු වන ජෙහෝයාකිම් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ ‘අනේ! මාගේ සහෝදරය, අනේ! මාගේ සහෝදරිය’ කියා ඔහු ගැන කිසිවෙක් නොවැලපෙති. ‘අනේ! ස්වාමීනි, අනේ රජිඳුනි,’ කියා ද කිසිවෙක් නොවැලපෙති.