තවද, ඔහු “කොටළුවාට සෑදලය යොදන්නැ”යි තම පුත්‍රයන්ට කියා, ඔවුන් එලෙස කළ පසු ඔහු ගියේ ය.
1 රාජාවලිය 13:28 - Sinhala New Revised Version 2018 එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත්, කොටළුවා හා සිංහයා ද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සම්බ විය. සිංහයා මළකඳ කා තිබුණේ වත්, කොටළුවා ඉරා දමා තිබුණේ වත් නැත. Sinhala New Revised Version එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත්, කොටළුවා හා සිංහයා ද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සම්බ විය. සිංහයා මළකඳ කා තිබුණේ වත්, කොටළුවා ඉරා දමා තිබුණේ වත් නැත. Sinhala Revised Old Version එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත් කොටළුවාද සිංහයාද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සම්බවිය. සිංහයා මළකඳ කාලා තිබුණේවත් කොටළුවා ඉරාදමා තිබුණේවත් නැත. |
තවද, ඔහු “කොටළුවාට සෑදලය යොදන්නැ”යි තම පුත්‍රයන්ට කියා, ඔවුන් එලෙස කළ පසු ඔහු ගියේ ය.
ඒ මහලු දිවැසිවරයා ද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ගැන වැලපී, ඔහු තැන්පත් කරන පිණිස ඔහුගේ මළකඳ ඔසවා කොටළුවා පිට තබා, සිය නගරයට ගෙන ගොස්,
‘මේ දක්වා එන්නෙහි ය; මින් එහා නොයන්නෙහි ය; නුඹේ එඩිතර රළ පතර මෙහි නවතින්නේ ය’ කියා කීවේත් මම ය.
එවිට සමිඳාණන් වහන්සේගෙන් ගින්නක් නික්ම, ඔවුන් දවා හැරියෙන් ඔව්හු උන් වහන්සේ ඉදිරියෙහි මළහ.
එවිට ඔව්හු ළං වී, මෝසෙස් කී ලෙස ඔවුන්ගේ වස්ත්‍ර පිටින් ම කඳවුරෙන් පිටතට ඔවුන් ගෙන ගියහ.
හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය. හිරගෙයි අත්තිවාරම් සෙලවිණි. එකෙණෙහි ම සියලු දොරවල් ඇරිණි; සියල්ලන්ගේ බැඳුම් ද ලිහිණි.