“මට යෑමට සෑදලය යොදා කොටළුවා සූදානම් කර දෙන්නැ”යි ඔහු තම පුත්‍රයන්ට කී ය. ඔවුන් කොටළුවාගේ සෑදලය යොදා ඌ සූදානම් කර ඔහුට දුන් විට, ඔහු ඌ පිට නැඟී,
1 රාජාවලිය 13:27 - Sinhala New Revised Version 2018 තවද, ඔහු “කොටළුවාට සෑදලය යොදන්නැ”යි තම පුත්‍රයන්ට කියා, ඔවුන් එලෙස කළ පසු ඔහු ගියේ ය. Sinhala New Revised Version තවද, ඔහු “කොටළුවාට සෑදලය යොදන්නැ”යි තම පුත්‍රයන්ට කියා, ඔවුන් එලෙස කළ පසු ඔහු ගියේ ය. Sinhala Revised Old Version තවද ඔහු: කොටළුවා මට සූදානම් කරදෙන්නැයි තමාගේ පුත්‍රයන්ට කීවේය. ඔවුන් ඌ සූදානම් කළ විට ඔහු ගියේය. |
“මට යෑමට සෑදලය යොදා කොටළුවා සූදානම් කර දෙන්නැ”යි ඔහු තම පුත්‍රයන්ට කී ය. ඔවුන් කොටළුවාගේ සෑදලය යොදා ඌ සූදානම් කර ඔහුට දුන් විට, ඔහු ඌ පිට නැඟී,
මාර්ගයෙන් ඔහු කැඳවාගත් දිවැසිවරයා එපවත් අසා, “ඒ වනාහි සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට අකීකරු වූ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ය. එබැවින් සමිඳාණන් වහන්සේ ඔහුට දුන් පණිවුඩය ලෙස උන් වහන්සේ ඔහු සිංහයාට පාවා දුන් සේක. ඌ ඔහු ඉරා මරා දැමී ය”යි කී ය.
එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත්, කොටළුවා හා සිංහයා ද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සම්බ විය. සිංහයා මළකඳ කා තිබුණේ වත්, කොටළුවා ඉරා දමා තිබුණේ වත් නැත.