ආබ්‍රම්, ඒ දේශය ඔස්සේ ගමන් කර ෂෙකෙම් නගරයේ ශුද්ධ භූමිය වන මොරේහි ආලෝන අරඹ දක්වා පැමිණියේ ය. එකල ඒ රටේ කානානිවරු සිටියෝ ය.
1 රාජාවලිය 13:14 - Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයා පසුපස ගොස්, ඔහු ආලෝන ගසක් යට වාඩි වී සිටිනු දැක, “ජුදා සිට පැමිණි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය. “ඒ මම ය”යි ඔහු කී විට, Sinhala New Revised Version දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයා පසුපස ගොස්, ඔහු ආලෝන ගසක් යට වාඩි වී සිටිනු දැක, “ජුදා සිට පැමිණි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය. “ඒ මම ය”යි ඔහු කී විට, Sinhala Revised Old Version දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා පස්සේ ගොස් ඔහු අලෝන ගහක් යට ඉන්නවා දැක: යූදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා නුඹදැයි ඔහුගෙන් ඇසීය. ඒ මමයයි ඔහු කීවේය. |
ආබ්‍රම්, ඒ දේශය ඔස්සේ ගමන් කර ෂෙකෙම් නගරයේ ශුද්ධ භූමිය වන මොරේහි ආලෝන අරඹ දක්වා පැමිණියේ ය. එකල ඒ රටේ කානානිවරු සිටියෝ ය.
“මට යෑමට සෑදලය යොදා කොටළුවා සූදානම් කර දෙන්නැ”යි ඔහු තම පුත්‍රයන්ට කී ය. ඔවුන් කොටළුවාගේ සෑදලය යොදා ඌ සූදානම් කර ඔහුට දුන් විට, ඔහු ඌ පිට නැඟී,
තමා ම මුළු දවසක ගමන් ප්‍රමාණය නිමවමින් පාළුකරයට පිවිස රෝතෙම් නම් ගසක් යට වාඩි වී, තමා මැරෙන ලෙස ඉල්ලමින් “සමිඳාණන් වහන්ස, ඉතින් ඇත, දැන් මාගේ ප්‍රාණය ගත මැනව. මන්ද, මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි”යි කී ය.
ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “මාගේ භෝජනය නම්, මා එවූ තැනැන් වහන්සේගේ කැමැත්ත කිරීමත්, උන් වහන්සේගේ කාර්යය නිමාවට පත් කිරීමත් ය.
ජාකොබ්ගේ ළිඳ එහි විය. ගමන් විඩාවෙන් සිටි උන් වහන්සේ ළිඳ ළඟ හිඳගත් සේක. එය මධ්‍යාහ්න වේලාව පමණ විය.
මහත් දුෂ්කරතා මැද මම වෙහෙස මහන්සි වී වැඩ කෙළෙමි. නොයෙක් විට නිදි නොලැබ සිටියෙමි; සාගින්නෙන් ද පිපාසයෙන් ද පෙළුණෙමි; බොහෝ විට ආහාර ද ඉඳුම්හිටුම් ද ඇඳුම්පැළඳුම් ද නැති ව සිටියෙමි.