ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 12:19 - Sinhala New Revised Version 2018

මෙසේ අද දක්වා තිබෙන පරිදි ඉශ්රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධ ව කැරලි ගසන්න වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ අද දක්වා තිබෙන පරිදි ඉශ්රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධ ව කැරලි ගසන්න වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙසේ අද දක්වා තිබෙන ප්‍රකාරයට ඉශ්‍රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධව කැරළිගැසුවෝය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 12:19
10 හුවමාරු යොමු  

තවද, මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මා තෝරාගත් ජෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි”යි වදාළ සේක.


එසේ වූයේ, උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් දාවිත්ගේ වංශයෙන් වෙන් කළ බැවින් ඔව්හු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් රජ කොට පත් කරගත්තෝ ය. ජෙරොබෝවම් සමිඳාණන් වහන්සේ වෙතින් ඉශ්රායෙල්වරුන් බැහැර කොට ඔවුන් බරපතල පාපයන්ට පෙළඹී ය.


මෙසේ අද දවස දක්වා තිබෙන පරිදි ඉශ්රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධ ව කැරලි ගැසූ හ.


අබියා ද ඔහුගේ සෙනඟ ද ඔවුන් ඝාතනය කළහ. තෝරාගත් ඉශ්රායෙල් මනුෂ්‍යයෝ පන්ලක්ෂයක් මැරුම් කා වැටුණෝ ය.


“ඉශ්රායෙල් රාජ්‍යය ජුදාවෙන් වෙන් වූ කාලයේ පටන් නුවූ විරූ අන්දමේ දුක් කරදර සමිඳාණන් වහන්සේ නුඹ පිටත්, නුඹේ සෙනඟ පිටත්, මුළු රජ පවුල පිටත් පමුණුවන සේක. උන් වහන්සේ අසිරියාවේ රජු නුඹට විරුද්ධ ව එවන සේක.”


ජුදා රාජ්‍යය සහ එයට සම්බන්ධ ඉශ්රායෙල් දරුවන් ගැන ලියන්න. තව ලීයක් රැගෙන ජෝසෙප් සහ එයට සම්බන්ධ ඉශ්රායෙල් ගෝත්‍රය ගැන ඒ පිට ලියන්න.


ඔවුන් නැවත වැටී ගියොත් නැවත පාපයෙන් හරවාගැනීමට නුපුළුවන, මන්ද ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්, නැවතත් කුරුසියේ ඇණ ගසා උන් වහන්සේට ප්‍රසිද්ධියේ නින්දා කරති.


ජොර්දාන් ගඟ මැද ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන් පය ගැසූ ස්ථානයෙහි ද ජෝෂුවා ගල් දොළොසක් තැබී ය. ඒවා අද දක්වා එහි තිබේ.


එහෙත්, නුඹලාගේ සියලු විපත්තිවලින් ද පීඩාවලින් ද නුඹලා ගැළෙවු නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා නුඹලා අද එපා කර, නුඹලාට රජ කෙනෙකු පත් කරන ලෙස මාගෙන් ඉල්ලන්නහු ය. එබැවින් දැන් නුඹලා ගෝත්‍ර වශයෙන් ද පවුල් වශයෙන් ද ස්වාමීන් වන මා ඉදිරියේ රැස් වන්න.’ ”