එහෙත්, සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිට, ඔහුට කරුණාව පෙන්වා, සිරගෙදර පාලකයාගේ ප්‍රසාදය ද ඔහුට ලබා දුන් සේක.
1 රාජාවලිය 11:19 - Sinhala New Revised Version 2018 පාරාවෝ හදද් කෙරෙහි ඉතා ප්‍රසන්න ව සිටි බැවින් තම බිරිඳගේ සහෝදරී වන තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුට බිරිඳ කොට දුන්නේ ය. Sinhala New Revised Version පාරාවෝ හදද් කෙරෙහි ඉතා ප්‍රසන්න ව සිටි බැවින් තම බිරිඳගේ සහෝදරී වන තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුට බිරිඳ කොට දුන්නේ ය. Sinhala Revised Old Version ඵාරාවෝ හදද් කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිය බැවින් තමාගේ භාර්යාවගේ සහෝදරී වන තාපෙනෙස් බිසවගේ සහෝදරී ඔහුට භාර්යාකොට පාවාදුන්නේය. |
එහෙත්, සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිට, ඔහුට කරුණාව පෙන්වා, සිරගෙදර පාලකයාගේ ප්‍රසාදය ද ඔහුට ලබා දුන් සේක.
එහෙයින් ජෝසෙප් ඔහුගේ ප්‍රසාදයට පාත්‍ර විය. ජෝසෙප් ඔහුට සේවය කෙළේ ය. තවද පොතිපර්, ඔහු තම ගෘහයේ කළමනාකරු කොට පත් කර, තමා සතු සියල්ල ඔහුගේ පාලනයට බාර දුනි.
ඔහු ජෝසෙප්ට ශාපේනත්-පනේයා යන නම තබා, ඕන් යන පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් ඔහුට බිරිඳ කොට සරණ පාවා දුන්නේ ය. ජෝසෙප් ද මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදුණේ ය.
ඔව්හු මිදියන් දේශයෙන් පිටත් ව පාරාන් දේශයට පැමිණ, පාරාන් දේශයෙන් මිනිසුන් කැඳවාගෙන, මිසරයේ රජ වූ පාරාවෝ වෙත මිසරයට ගියෝ ය. රජ තෙම ඔහුට වාසස්ථානයක් දී, ආහාර පාන නියම කොට, ගම්බිම් ද දුන්නේ ය.
තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුගෙන් ගෙනුබත් නම් පුත්‍රයා ලැබුවා ය. තාපෙනෙස් පාරාවෝගේ මාලිගාවේ දී ඔහු ඇතිදැඩි කළා ය. ගෙනුබත් පාරාවෝගේ මාලිගාවෙහි පාරාවෝගේ පුත්‍රයන් අතර ජීවත් විය.
සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජ වූ පාරාවෝ ඉදිරියෙහි වරප්‍රසාදයත් ප්‍රඥාවත් ඔහුට දුන් සේක. පාරාවෝ තෙමේ මිසරයට ද තමාගේ මුළු රජ ගෙදරට ද, පාලකයා ලෙස ඔහු පත් කෙළේ ය.
ඉන්පසු ඔහු ඉවත දමනු ලැබූ කල පාරාවෝගේ දුව ඔහු රැගෙන, ඇගේ ම පුත්‍රයා මෙන් ඇතිදැඩි කරගත්තා ය.