1 පේත්‍රැස් 4:6 - Sinhala New Revised Version 2018 මක්නිසා ද මළවුන්ට පවා ශුභාරංචිය දේශනා කරනු ලැබී ය. මන්ද, සියලු මනුෂ්‍යයන් විනිශ්චය කරන ආකාරයට මාංසයෙන් විනිශ්චය කරනු ලබන නමුත්, ආත්මයෙන් දෙවියන් වහන්සේ මෙන් ජීවත් වන පිණිස ය. Sinhala New Revised Version මක්නිසා ද මළවුන්ට පවා ශුභාරංචිය දේශනා කරනු ලැබී ය. මන්ද, සියලු මනුෂ්‍යයන් විනිශ්චය කරන ආකාරයට මාංසයෙන් විනිශ්චය කරනු ලබන නමුත්, ආත්මයෙන් දෙවියන් වහන්සේ මෙන් ජීවත් වන පිණිස ය. සිංහල කාලීන පරිවර්තනය මළවුන්ට පවා ශුභාරංචිය දේශනා කරන ලද්දේ මේ හේතුව නිසා ය; එනම්, මිනිසුන්ගේ කැමැත්තට අනුව මාංසාකාරයෙන් විනිශ්චය කරනු ලැබුව ද, ආත්මිකව ඔවුන් දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වන පිණිස ය. Sinhala Revised Old Version මක්නිසාද මළවුන්ට පවා ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබුවේ, ඔවුන් මනුෂ්‍යාකාරයෙන් මාංසයෙන් විනිශ්චය කරනු ලැබූ නුමුත්, දේවාකාරයෙන් ආත්මයෙන් ජීවත්වෙන පිණිසය. |
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වූ ජීවනදායක ආත්මයාණන්ගේ ආධ්‍යාත්මික ප්‍රතිපත්ති, පාපයේ හා මරණයේ නියමයෙන් ඔබ නිදහස් කර ඇත.
ඇරත් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිස මම ව්‍යවස්ථාවට කීකරු වන අතර ව්‍යවස්ථාව මළ දෙයක් ලෙස සලකා එය ප්‍රතික්ෂේප කෙළෙමි.
තවද, ඔවුන් ඒ සේවය කළේ තමන් උදෙසා ම නොව, ඔබ උදෙසා බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේ ය. මේ දේවල් ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබට සුබ අස්න දේශනා කළ තැනැත්තන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරවන ලදී. දේව දූතයෝ පවා මේවා බලා දැනගන්නට ආශා වෙති.
ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දිවි පිදූ සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨ ව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදූ සේක. උන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූ සේක; ආත්මික ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූ සේක.
එවිට ගින්න බාර ව සිටි තවත් දේව දූතයෙක් පූජාසනයෙන් නික්ම අවුත්, මුවහත් දෑකැත්ත ඇති ව සිටි තැනැත්තාට මහ හඬින් මොරගසා, “ඔබේ මුවහත් දෑකැත්ත යොදා පොළොවේ මිදි වැලේ මිදි පොකුරු කපා රැස් කරන්න. මන්ද, මිදි පොකුරු ඉදී ඇතැ”යි කී ය.