සිහිනයක් දුටු දිවැසිවරයා එය තමාගේ ස්වප්නයක් බව කිව යුතු ය. මාගේ පණිවුඩයක් ලත් තැනැත්තා එය විශ්වාසවන්ත ලෙස ප්‍රකාශ කළ යුතු ය. පිදුරුත්, ධාන්‍යත් අතර ඇති සමානකම කුමක් ද?
1 පේත්‍රැස් 1:23 - Sinhala New Revised Version 2018 ඔබ නැවත උත්පාද කරනු ලැබුවේ දිරා යන බීජයකින් නොව, දෙවියන් වහන්සේගේ ජීවමාන, සදාතන වචනය නමැති දිරා නොයන බීජයෙන් ය. Sinhala New Revised Version ඔබ නැවත උත්පාද කරනු ලැබුවේ දිරා යන බීජයකින් නොව, දෙවියන් වහන්සේගේ ජීවමාන, සදාතන වචනය නමැති දිරා නොයන බීජයෙන් ය. සිංහල කාලීන පරිවර්තනය මන්ද ඔබ නැවත උත්පාද කරනු ලැබ ඇත්තේ දිරා යන බීජයකින් නො ව, නො දිරන ජීවමානවූත්, සදාතනිකවූත් දෙවියන්වහන්සේගේ වචනය මඟිනි. Sinhala Revised Old Version මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය. |
සිහිනයක් දුටු දිවැසිවරයා එය තමාගේ ස්වප්නයක් බව කිව යුතු ය. මාගේ පණිවුඩයක් ලත් තැනැත්තා එය විශ්වාසවන්ත ලෙස ප්‍රකාශ කළ යුතු ය. පිදුරුත්, ධාන්‍යත් අතර ඇති සමානකම කුමක් ද?
මම නුඹලාගේ දරු සම්පත වළක්වන්නෙමි. නුඹලාගේ මුහුණු පිට කසළ එනම්, මංගල්‍ය පූජා පිණිස ගෙනෙන සතුන්ගේ කසළ තවරා, ඒ සමඟ නුඹලා ඉවතට හෙළන්නෙමි.
එසේ උපත ලැබූයේ, මානව සන්තතියෙන් වත්, කායික සබඳතාවෙන් වත්, මිනිස් පියෙකුගෙන් වත් නොව, දෙවියන් වහන්සේගෙන් ම ය.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙක් නැවත නූපන්නොත්, ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකගත නොහැකි ය”යි ඔහුට වදාළ සේක.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙකු වතුරෙන් ද ආත්මයාණන්ගෙන් ද නූපන්නොත්, ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකි ය.
ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි.
ඔව්හු සදා අමරණීය දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය වෙනුවට, ජරාපත් වන මිනිසුන්ගේ ද පක්ෂීන්ගේ ද සිව්පාවුන්ගේ ද උරගයන්ගේ ද සමානකම් ඇති පිළිරූ යොදාගත්හ.
දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.
උන් වහන්සේ මැවූ සත්වයන් අතර අප මුදුන් මල්කඩ වීමේ පෙර ලකුණු වශයෙන්, සිය අරමුණ අනුව උන් වහන්සේ සත්‍ය වචනයෙන් අප ජනිත කළ සේක.
අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණින් උත්ථාන කිරීම හේතුකොටගෙන, දෙවියන් වහන්සේ ස්වකීය මහත් දයාවෙන්,
දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙක් පව් නොකරති. මන්ද, උන් වහන්සේගේ ජීවය ඔහු තුළ පවතියි. ඔහු දෙවියන් වහන්සේගෙන් උපත ලැබ සිටින බැවින් ඔහුට පව් කළ නොහැකි ය.
දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙකු පාපයෙහි නිරත ව නොසිටින බව අපි දනිමු. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ඔහු රක්ෂා කරන සේක. ඔහුට හානියක් කරන්නට නපුරාට බැරි ය.