තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක:
1 තෙසලෝනික 5:17 - Sinhala New Revised Version 2018 නොකඩව යාච්ඤා කරන්න, Sinhala New Revised Version නොකඩව යාච්ඤා කරන්න, සිංහල කාලීන පරිවර්තනය නොකඩව යාච්ඤාවේ යෙදෙන්න. Sinhala Revised Old Version නොකඩව යාච්ඤාකරන්න; |
තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක:
එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විත ව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය-පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයැදිමින්, හැම වේලේ ම අවදි ව සිටින්න.”
සෑමවිට ම, මුළු සිතින් යාච්ඤාවේ ද අයැදීමේ ද යෙදී සිටින්න. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඤා කරන්න. මේ කරුණ නිසා නිතර අවදි ව නොකඩ ව දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ උදෙසා, යාච්ඤා කරන්න.
සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින් ඔබ සිහි කල්පනාවෙන් යුතු ව යාච්ඤාව සඳහා අවදිව සිටින්න.
හන්නා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤා කරන අතර ඒලී ඇගේ මුඛය දෙස බලා සිටියේ ය.