ඈ යහපත් ක්‍රියාවෙන් සාක්ෂි දැරීම ද, දරුවන් ඇතිදැඩි කිරීම ද ආගන්තුක සත්කාර කිරීම ද සැදැහැවතුන්ගේ පා සේදීම ද පීඩා විඳින්නන්ට උපකාර කිරීම ද සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදීම ද පිළිබඳ ප්‍රසිද්ධියක් දරන තැනැත්තියක් විය යුතු යි.
1 තිමෝති 5:16 - Sinhala New Revised Version 2018 යම් කිසි ක්‍රිස්තු භක්තික ස්ත්‍රියකට, වැන්දඹු නෑදෑයින් ඇත්නම්, සභාවට වියදම් දරන්නට ඉඩ නොහැර, ඇය ඔවුන් නඩත්තු කළ යුතු ය. එවිට කාත් කවුරුනුත් නැති වැන්දඹුවන්ට උපකාර කරන්නට සභාවට පුළුවන් වේ. Sinhala New Revised Version යම් කිසි ක්‍රිස්තු භක්තික ස්ත්‍රියකට, වැන්දඹු නෑදෑයින් ඇත්නම්, සභාවට වියදම් දරන්නට ඉඩ නොහැර, ඇය ඔවුන් නඩත්තු කළ යුතු ය. එවිට කාත් කවුරුනුත් නැති වැන්දඹුවන්ට උපකාර කරන්නට සභාවට පුළුවන් වේ. සිංහල කාලීන පරිවර්තනය යම් ඇදහිලිවන්තියකගේ පවුලේ වැන්දඹුවන් සිටී නම්, සභාවට ඔවුන් බරක් වීමට ඉඩ නො තබා, ඇය ඔවුන්ට උපකාර කරත්වා. එවිට සැබෑවට වැන්දඹු වූවනට සැලකීමට සභාවට හැකි වේ. Sinhala Revised Old Version යම් ඇදහිලිවන්තියෙකුට වැන්දඹු ස්ත්‍රීහු සිටිත් නම්, ඈ ඔවුන්ට උපකාර කරාවා, සභාව විසින් ඇත්තටම අසරණව සිටින වැන්දඹුවන්ට උපකාරකරන පිණිස අනික් අය ඒ සභාවට බර නොවෙත්වා. |
ඈ යහපත් ක්‍රියාවෙන් සාක්ෂි දැරීම ද, දරුවන් ඇතිදැඩි කිරීම ද ආගන්තුක සත්කාර කිරීම ද සැදැහැවතුන්ගේ පා සේදීම ද පීඩා විඳින්නන්ට උපකාර කිරීම ද සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදීම ද පිළිබඳ ප්‍රසිද්ධියක් දරන තැනැත්තියක් විය යුතු යි.
යමෙක් තමාගේ නෑයන්, විශේෂයෙන් තමාගේ පවුලේ අය, නොසලකා හරින්නේ නම්, ඔහු ඇදහිල්ල අත්හැර දැමූවෙකි; මිථ්‍යාදෘෂ්ටිකයෙකුට වඩා අයහපත් තැනැත්තෙකි.
වැන්දඹුවක ලෙස නාම ලේඛනයෙහි ඇතුළත් කළ යුත්තේ අවුරුදු හැටක් වත් වයසැති, එක ම පුරුෂයෙකුට භාර්යාව වී සිටි ස්ත්‍රියෙකි.