ඔහු එකිනෙකාගේ හැකියාව අනුව, එක් කෙනෙකුට රිදී කාසි පන්දාහක් ද තව කෙනෙකුට දෙදාහක් ද, තව කෙනෙකුට එක් දාහක් ද බැගින් දී, තමා යන ගමන ගියේ ය.
1 කොරින්ති 8:8 - Sinhala New Revised Version 2018 ආහාරය නිසා දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධයක් ඇති නොවේ. නොකෑමෙන් වන අවැඩක් නැත; කෑමෙන් වන වැඩක් ද නැත. Sinhala New Revised Version ආහාරය නිසා දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධයක් ඇති නොවේ. නොකෑමෙන් වන අවැඩක් නැත; කෑමෙන් වන වැඩක් ද නැත. සිංහල කාලීන පරිවර්තනය ආහාර දෙවියන්වහන්සේ වෙත අප ළං කරන්නේ නැත. නො කෑවොත් අපට අවැඩක් වන්නේ නැත; කෑවොත් වැඩි සෙතක් වන්නේ ද නැත. Sinhala Revised Old Version නුමුත් කෑම නිසා දෙවියන්වහන්සේට අප වඩා ප්‍රිය අය වෙන්නේ නැත. නොකෑවාට අප පහත් වෙන්නේවත් කෑවාට අප උතුම් වෙන්නේවත් නැත. |
ඔහු එකිනෙකාගේ හැකියාව අනුව, එක් කෙනෙකුට රිදී කාසි පන්දාහක් ද තව කෙනෙකුට දෙදාහක් ද, තව කෙනෙකුට එක් දාහක් ද බැගින් දී, තමා යන ගමන ගියේ ය.
දෙවියන් වහන්සේගේ රාජ්‍යය වනාහි කා බී ප්‍රීතිවීමක් නොව, යුක්තිය ද සාමය ද ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙන් එන ප්‍රීතිය ද වේ.
“ආහාර උදරය සඳහා ය, උදරය ආහාර සඳහා ය”යි කීවත් දෙවියන් වහන්සේ ඒ දෙක ම නැති කරන සේක. තවද ශරීරය අනාචාරය පිණිස නොවේ. එය සමිඳාණන් වහන්සේ උදෙසා ය.
නා නා ප්‍රකාර අමුතු ඉගැන්වීම් සොයා ගොස් මුළා නොවන්න. ආහාර පිළිබඳ නීතිරීතිවලින් නොව, දේව වරප්‍රසාදයෙන් සිත් ශක්තිමත් කර ගැනීම යහපති. ඒ නීතිරීතිවලින් කිසිවෙකුට යහපතක් නො වී ය.