ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 7:9 - Sinhala New Revised Version 2018

එහෙත් ඔවුන්ට ආත්ම දමනය නොහැකි දෙයක් නම් ඔව්හු විවාහ වෙත් වා. කාමරාගයෙන් දැවෙනවාට වඩා විවාහ වීම යහපති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් ඔවුන්ට ආත්ම දමනය නොහැකි දෙයක් නම් ඔව්හු විවාහ වෙත් වා. කාමරාගයෙන් දැවෙනවාට වඩා විවාහ වීම යහපති.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එහෙත් ඔවුනට තම හැඟීම් පාලනය කර ගත නො හැකි නම්, විවාහ වීම සුදුසු ය. මන්ද රාගයෙන් දැවෙනවාට වඩා විවාහ වීම හොඳ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් ඔවුන්ට කාම ආශාවෙන් වැලකී සිටින්ට බැරි නම් විවාහ වෙත්වා. මක්නිසාද කාමදාහයට වඩා විවාහය හොඳය.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 7:9
8 හුවමාරු යොමු  

මෙසේ මේ දේවලට විරුද්ධ ව යමක් කියන්නට කවරෙකුට වත් බැරි හෙයින් ඔබ ඉක්මන් වී සැහැසිකමක් නොකළ යුතු ය.


එහෙත්, අනාචාරය බහුල ව පවතින නිසා හැම මිනිසෙකුට ම භාර්යාවක් ද හැම ස්ත්‍රියකට ම ස්වාමි පුරුෂයෙකු ද සිටිය යුතු ය.


එහෙත් ඔබ විවාහ වූවත් එයින් ඔබට පාපයක් නැත. කන්‍යාවක විවාහ වූවත් එයින් ඇයට පාපයක් නැත. එසේ වුව ද එවැනි අයට මේ ලෝකයෙහි දුක් විපත් ඇති වන්නේ ය. මම ඔබ ඒවායින් වළක්වාලීමට කැමැත්තෙමි.


යමෙක් දැඩි රාගික ඇල්ම නිසා තම විවාහ අපේක්ෂිකාව පිළිබඳ ව තමා සුදුසු ලෙස ක්‍රියා නොකරන බවත්, විවාහ වීම යුතු බවත් ඔහුට හැඟේ නම්, ඔහුගේ කැමැත්ත අනුව, ඔව්හු විවාහ වෙත් වා. එහි පාපයක් නැත.


භාර්යාවක් සිය ස්වාමි පුරුෂයා ජීවත් ව සිටින තුරු ඔහුට බැඳී සිටින්නී ය. ස්වාමි පුරුෂයා මළොත් ඈ කැමැති කෙනෙකු සමඟ විවාහ වීමට ඈට නිදහස ඇත. එහෙත් එය ක්‍රිස්තියානි විවාහයක් විය යුතු ය.


ඔබ එකිනෙකා තම තමාගේ ශරීරය දමනය කරගෙන එය ශුද්ධ ව ද, ගෞරවයෙන් යුක්ත ව ද, තබාගැනීමට දැනගත යුතු ය.


එහෙත් යෞවන වැන්දඹුවන් නාම ලේඛනයෙහි ඇතුළත් නොකරන්න. ස්වාභාවික කාමතෘෂ්ණාවල බලපෑම නිසා, ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් වී, ඔවුන් නැවත විවාහයට පෙළඹෙන්නට පිළිවන.


යෞවන වැන්දඹුවන් විවාහ වී දරුවන් ලබනවාටත්, ගේදොර රැකබලාගන්නවාටත් මම කැමැති වෙමි. එවිට නින්දා කිරීම සඳහා විරුද්ධවාදීන්ට කිසි ඉඩක් නොලැබේ.