ඈට මෙසේ කීවෙමි: “ඔබ කාමයෙහි වරදවා නොහැසිරෙමින්, අන් පුරුෂයකු ඇසුරු නොකරමින් ඉන්න. මම ද ඔබ කෙරෙහි එලෙස සිටිමි.”
1 කොරින්ති 7:4 - Sinhala New Revised Version 2018 භාර්යාවගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඇයට නොව පුරුෂයාට ය. එලෙස ම පුරුෂයාගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඔහුට නොව භාර්යාවට ය. Sinhala New Revised Version භාර්යාවගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඇයට නොව පුරුෂයාට ය. එලෙස ම පුරුෂයාගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඔහුට නොව භාර්යාවට ය. සිංහල කාලීන පරිවර්තනය භාර්යාවකට තම ශරීරය ගැන ආධිපත්‍යය නැත; ඇත්තේ ඇගේ ස්වාමි පුරුෂයාට ය. එලෙස ස්වාමි පුරුෂයාට ද තම ශරීරය කෙරේ ආධිපත්‍යය නැත; ඇත්තේ ඔහුගේ භාර්යාවට ය. Sinhala Revised Old Version භාර්යාවගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඈට නොව පුරුෂයාටය. එසේම පුරුෂයාගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඔහුට නොව භාර්යාවටය. |
ඈට මෙසේ කීවෙමි: “ඔබ කාමයෙහි වරදවා නොහැසිරෙමින්, අන් පුරුෂයකු ඇසුරු නොකරමින් ඉන්න. මම ද ඔබ කෙරෙහි එලෙස සිටිමි.”
“තවදුරටත් මම ඔබට මෙසේ කියමි: වේශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවා ගන්න කවරෙක් නමුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය; දික්කසාද කරනු ලැබූ ඒ ස්ත්‍රිය විවාහ කරගන්නා ද කාමමිථ්‍යාචාරය කරන්නේ ය.”
පුරුෂයා සිය භාර්යාවට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි. භාර්යාව ද සිය පුරුෂයාට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි.
යාච්ඤාවේ යෙදෙන පිණිස ස්ත්‍රී-පුරුෂ දෙදෙනාගේ ම කැමැත්තෙන් කලකට වෙන් වී සිටිනවා මිස, නැත්නම් වෙන් වී නොසිටිය යුතු ය. එසේ වුව ද ඔබගේ ආත්ම දමනය හීන වීමෙන්, සාතන්ගේ පෙළඹීම්වලට අසු නොවන පිණිස නැවත එක් වෙත් වා.