ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 7:39 - Sinhala New Revised Version 2018

භාර්යාවක් සිය ස්වාමි පුරුෂයා ජීවත් ව සිටින තුරු ඔහුට බැඳී සිටින්නී ය. ස්වාමි පුරුෂයා මළොත් ඈ කැමැති කෙනෙකු සමඟ විවාහ වීමට ඈට නිදහස ඇත. එහෙත් එය ක්‍රිස්තියානි විවාහයක් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

භාර්යාවක් සිය ස්වාමි පුරුෂයා ජීවත් ව සිටින තුරු ඔහුට බැඳී සිටින්නී ය. ස්වාමි පුරුෂයා මළොත් ඈ කැමැති කෙනෙකු සමඟ විවාහ වීමට ඈට නිදහස ඇත. එහෙත් එය ක්‍රිස්තියානි විවාහයක් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

භාර්යාවක් ඇගේ ස්වාමි පුරුෂයා ජීවත්ව සිටින තාක් කල් ඔහුට බැඳී සිටින්නී ය. එහෙත් ඇගේ ස්වාමි පුරුෂයා මළොත්, තමන් කැමති කෙනකු හා යළි විවාහ වීමට ඇයට නිදහස ඇත. එහෙත් ස්වාමින්වහන්සේ තුළ පමණි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

භාර්යාවක් තමාගේ පුරුෂයා ජීවත්ව සිටින තුරු බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මළොත්, ඈ කැමති කෙනෙකු සමඟ විවාහවන්ට නිදහස්ව සිටින්නීය; නුමුත් ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 7:39
8 හුවමාරු යොමු  

මිනිස්-දූවරුන් සුරූපී බව දුටු දිව්‍ය-පුත්‍රයෝ, තම තමන් රිසි වූවන් සරණ පාවාගත්හ.


ජුදාහි සෙනඟ දෙවියන් වහන්සේට ඔවුන් දුන් පොරොන්දුව කඩ කර, ඉශ්රායෙල්හි ද ජෙරුසලමේ ද භයානක පිළිකුල් ක්‍රියා කර ඇත. දෙවියන් වහන්සේ ප්‍රේම කරන ශුද්ධස්ථාන පූජා කෙලෙසා ඇත. ඔව්හු විදේශීය දෙවිවරුන්ට නමස්කාර කරන ස්ත්‍රීන් සරණ පාවාගෙන සිටිති.


විවාහකයන්ට මම මෙසේ අණකරමි. එහෙත් අණ කරන්නේ මා නොව සමිඳාණන් වහන්සේ ය. එනම් භාර්යාව ස්වාමි පුරුෂයාගෙන් වෙන් ව නොයේ වා.


එහෙත් කිතුනු නොවන විවාහකයා වෙන් වන්නට කැමැති නම්, වෙන් වේ වා. මෙවැනි අවස්ථාවලින් කිතුනු සහෝදරයා හෝ සහෝදරිය හෝ විවාහ බැඳුමෙන් බැඳී නැත. දෙවියන් වහන්සේ ඔබ කැඳවා ඇත්තේ සාමදානයෙන් ජීවත් වීමට ය.


මෙසේ විවාහ අපේක්ෂිකාව සමඟ විවාහ වන්නා කරන්නේ හොඳ දෙයකි. විවාහ නොවන්නා කරන්නේ වඩාත් හොඳ දෙයකි.