එහෙත්, ඔහු අන් භාර්යාවක පාවාගන්නේ නම්, පළමු භාර්යාවට දෙන ආහාර, වස්ත්‍ර, භාර්යාවක වශයෙන් ඈ කෙරෙහි ඇති යුතුකම්, අඩු නොකළ යුතුයි.
1 කොරින්ති 7:3 - Sinhala New Revised Version 2018 පුරුෂයා සිය භාර්යාවට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි. භාර්යාව ද සිය පුරුෂයාට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි. Sinhala New Revised Version පුරුෂයා සිය භාර්යාවට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි. භාර්යාව ද සිය පුරුෂයාට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි. සිංහල කාලීන පරිවර්තනය ස්වාමි පුරුෂයා සිය භාර්යාවට විවාහ යුතුකම් ඉටු කළ යුතු අතර, භාර්යාව සිය ස්වාමි පුරුෂයාට එලෙසම කළ යුතු ය. Sinhala Revised Old Version පුරුෂයා භාර්යාවට යුතු දේ කරදේවා. එසේම භාර්යාවත් පුරුෂයාට කරදේවා. |
එහෙත්, ඔහු අන් භාර්යාවක පාවාගන්නේ නම්, පළමු භාර්යාවට දෙන ආහාර, වස්ත්‍ර, භාර්යාවක වශයෙන් ඈ කෙරෙහි ඇති යුතුකම්, අඩු නොකළ යුතුයි.
එහෙත්, අනාචාරය බහුල ව පවතින නිසා හැම මිනිසෙකුට ම භාර්යාවක් ද හැම ස්ත්‍රියකට ම ස්වාමි පුරුෂයෙකු ද සිටිය යුතු ය.
භාර්යාවගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඇයට නොව පුරුෂයාට ය. එලෙස ම පුරුෂයාගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඔහුට නොව භාර්යාවට ය.
එසේ ම පුරුෂයෙනි, ඔබගේ විවාහ ජීවිතයේ දී ඔබත් ඔබගේ භාර්යාවන් සමඟ අවබෝධයෙන් යුතු ව හැසිරෙන්න. ඔවුන් දුබල පක්ෂය වන බැවින් ඔවුන්ට ගෞරව කරන්න. මන්ද, ඔබ හා සමඟ ඔව්හු ද දෙවියන් වහන්සේ නොමිලයේ දෙන දීමනාව වූ ජීවිතයට හවුල් උරුමක්කාරයෝ වන්නහු ය. එවිට ඔබේ යාච්ඤාවලට බාධා නොපැමිණෙයි.