1 කොරින්ති 7:20 - Sinhala New Revised Version 2018 සෑම කෙනෙක් ම සිය කැඳවීම ලැබූ තත්ත්වයෙහි ම පවතිත් වා. Sinhala New Revised Version සෑම කෙනෙක් ම සිය කැඳවීම ලැබූ තත්ත්වයෙහි ම පවතිත් වා. සිංහල කාලීන පරිවර්තනය හැම කෙනෙක්ම තමන් කැඳවීම ලබන විට සිටි තත්වයෙහිම පැවතිය යුතු ය. Sinhala Revised Old Version යම් පදවියක එක් එක්කෙනා කැඳවනු ලැබුයේද එහිම ඔහු පවතීවා. |
එසේ වුව ද සමිඳාණන් වහන්සේ එකිනෙකාට නියම කොට ඇති ප්‍රකාරයට හා දෙවියන් වහන්සේ එකිනෙකා කැඳවා ඇති ප්‍රකාරයට ජීවත් වන්න. සැම සභාවකට ම මා දෙන නියෝගය මේ ය.
ඔබ ස්ත්‍රියක සමඟ විවාහ වී සිටින්නෙහි නම් ඇයගෙන් නිදහස් වන්නට නොසොයන්න. ඔබ ස්ත්‍රියක සමඟ විවාහ වී නැත්නම් භාර්යාවක් නොසොයන්න.
ඔබට අප කලින් අවවාද කළ පරිදි, උපශාන්ත ජීවිතයක් ගත කිරීමටත්, තම තමාගේ කාරණා බලාගැනීමටත්, දහඩිය මහන්සියෙන් ජීවිකාව කර ගැනීමටත් අරමුණු කරගන්න.
එබඳු අය සන්සුන් ලෙස වැඩ කොට, සිය දිවි පෙවෙත උපයාගන්නා ලෙස ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අණ දී අවවාද කරමු.