1 කොරින්ති 7:16 - Sinhala New Revised Version 2018 ඔබ කිතුනු භාර්යාවක් නම් ඔබ තම ස්වාමි පුරුෂයාගේ ගැළවීම සලසනු විය හැකි ය. ඔබ කිතුනු ස්වාමි පුරුෂයෙක් නම් ඔබ තම භාර්යාවගේ ගැළවීම සලසනු විය හැකි ය. Sinhala New Revised Version ඔබ කිතුනු භාර්යාවක් නම් ඔබ තම ස්වාමි පුරුෂයාගේ ගැළවීම සලසනු විය හැකි ය. ඔබ කිතුනු ස්වාමි පුරුෂයෙක් නම් ඔබ තම භාර්යාවගේ ගැළවීම සලසනු විය හැකි ය. සිංහල කාලීන පරිවර්තනය එම්බා භාර්යාව, ඔබ ඔබගේ ස්වාමි පුරුෂයා ගලවා ගනීදැයි දන්නේ කොහොම ද? එම්බා ස්වාමි පුරුෂය, ඔබ ඔබගේ භාර්යාව ගලවා ගනීදැයි දන්නේ කොහොම ද? Sinhala Revised Old Version මක්නිසාද, භාර්යාව, නුඹ නුඹේ පුරුෂයා ගළවන්නීදෝ නුඹ දන්නේ කොහොමද? නොහොත් පුරුෂය, නුඹ නුඹේ භාර්යාව ගළවන්නේදෝ නුඹ දන්නේ කොහොමද? |
එලෙස ම පසුතැවී සිත හරවා ගන්නා වූ එක පව්කාරයකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් අතර ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.”
එසේ සලකන්නේ, යම් හෙයකින් මාගේ ම ජාතියේ සෙනඟ උනන්දු කරවා ඔවුන්ගෙන් සමහරෙකු ගළවාගන්නා පිණිස ය.
දුර්වලයන් දිනාගන්නා පිණිස, මම දුර්වලයන්ට දුර්වලයෙක් වීමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනාගන්නා පිණිස, මම සියල්ලෙහි දී ඒ ඒ තැනට ඔබින ලෙස ක්‍රියා කෙළෙමි.
ඔබ ගැනත් ඔබේ ඉගැන්වීම ගැනත් සැලකිලිමත් වන්න. මේ දේවල නිරත ව සිටින්න. ඔබ මෙසේ කිරීමෙන් ඔබ ද ඔබට සවන් දෙන්නන් ද ගළවා ගන්නෙහි ය.