ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 6:8 - Sinhala New Revised Version 2018

ඒ වෙනුවට ඔබ කරන්නේ අයුක්තියත් අලාභයත් ය. ඒකත් කරන්නේ සහෝදරයන්ට ම ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ වෙනුවට ඔබ කරන්නේ අයුක්තියත් අලාභයත් ය. ඒකත් කරන්නේ සහෝදරයන්ට ම ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඒ වෙනුවට ඔබම අයුක්තිය කරයි; වංචා කරයි. ඒ, තමන්ගේම සහෝදරයින්ට ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් නුඹලාම අයුක්තියත් අලාභයත් කරති, ඒත් නුඹලාගේ සහෝදරයන්ටය.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 6:8
8 හුවමාරු යොමු  

“නුඹලා අසල්වැසියාගෙන් අයුතු ලෙස වාසි නොගත යුතු ය. ඔහුගෙන් කොල්ලකෑම යුතු නැත. කම්කරුවාගේ වේතනය ඔහුට නොදී පසුදා උදේ වන තුරු එය නුඹලා ළඟ තබා නොගත යුතු ය.


ඔව්හු තමන් ආසා කළ කෙත් බලහත්කාරයෙන් ගනිති; ගෙවල් ද පැහැර ගනිති. ඔව්හු මිනිසුන් සහ ගේදොර ද දේපළ ද සොරාගනිති.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”


එහෙත්, ඔහු ඔවුන්ගෙන් කෙනෙකුට උත්තර දෙමින්, ‘යහළුව, මා ඔබට අයුත්තක් කරනවා නොවේ. ඔබ මා සමඟ රිදී කාසියක කුලියට එකඟ වුණා නොවේ ද?


ඔබ ආඥා දන්නෙහි ය. මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; වංචා නොකරන්න; නුඹේ පියාටත්, මවටත් ගෞරව කරන්න යනු”යි වදාළ සේක.


වැරදි කරන්නා තමා කරන වැරදිවල පල විපාකය ලබන්නේ ය. දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන සේක.


මේ කාරණයේ දී කිසිවෙකු තම සහෝදරයා රවටා, වාසියක් නොගත යුතු ය. මන්ද, අප ඔබට කලින් කියා තදින් අවවාද කළ ලෙස, මෙබඳු අයට සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක.


බලන්න, ඔබගේ කෙත් වතුවල අස්වැන්න නෙළූ ගොවීන්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධ ව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිඳාණන් වහන්සේගේ කන්වල වැටෙන්නේ ය.